ගීතාවලිය 101:3 - Sinhala Revised Old Version මාගේ ඇස් හමුවෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය. Sinhala New Revised Version මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි. Sinhala New Revised Version 2018 මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි. |
නුමුත් වංක මාර්ගවලට හැරී යන්නන් වනාහි ස්වාමීන්වහන්සේ අයුතුකම් කරන්නන් සමඟ ගෙනයනසේක. ඉශ්රායෙල් කෙරෙහි සමාදානය වේවා.
සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.
මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමියි කියාත්, දුෂ්ටයා මා ඉදිරියෙහි සිටින අතර කටකලියාවකින් මාගේ මුඛය රැක ගන්නෙමියි කියාත් කීයෙමි.
ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.
එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය.
ඔව්හු නැවත හැරී දෙවියන්වහන්සේ පරීක්ෂාකළෝය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උදහස්කළෝය.
තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ආපසු හැරී ද්‍රෝහි ලෙස ක්‍රියාකළෝය. හොර දුන්නක් මෙන් වැරදි අතට හැරුණෝය.
ස්වාමීන්ට ප්‍රේමකරන්නෙනි, නපුරට වෛරකරව්. උන්වහන්සේ ස්වකීය ශුද්ධවන්තයන්ගේ ප්‍රාණ ආරක්ෂාකරනසේක; දුෂ්ටයන්ගේ අතින් ඔවුන් ගළවන සේක.
නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.
මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය. ඔව්හු වාත්තු වස්සෙකු සාදාගෙන ඊට නමස්කාරකර, පූජාකර–එම්බා ඉශ්රායෙල්, නුඹ මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹේ දෙවියෝ මේයයි කීවෝයයි කීසේක.
ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.
නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.
ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ, අවංකකමින් කථාකරන්නාවූ, බලාත්කාරකමේ ප්‍රයෝජනය එපාකරන්නාවූ, අල්ලසක් නාල්ලා අත් අහකට ගන්නාවූ, මිනීමැරීම ගැන නෑසෙන ලෙස කන් වසාගන්නාවූ, නපුර නොදකින්ට ඇස් පියාගන්නාවූ තැනැත්තාම
නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.
ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.
නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.
නුමුත් දැන් නුඹලා දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, නුඹලා ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?
විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,
නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න.
එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස,
මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.
නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.
මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.