Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:2 - Sinhala Revised Old Version

2 ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔව්හු තමන් ආසා කළ කෙත් බලහත්කාරයෙන් ගනිති; ගෙවල් ද පැහැර ගනිති. ඔව්හු මිනිසුන් සහ ගේදොර ද දේපළ ද සොරාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:2
28 හුවමාරු යොමු  

දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ!


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.


අසරණයාටද දිළින්දාටද පීඩාකොට, කොල්ලකන්නෙක් වේ නම්, උකස නැවත නොදී සිට, තමාගේ ඇස් දේවරූපවලට ඔසවා,


මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,


ලේ වගුරුවන පිණිස ඔව්හු නුඹ තුළ අල්ලස් ගත්තෝය; නුඹ පොළී සහ ලාභ ගෙන, නුඹේ අසල්වාසීන්ගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන, මා සිහිනැතිකෙළෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එනම්: සැබවින් නාබොත්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ලේ ඊයේ දුටුවෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේක. තවද මම මේ බිම් කොටසේදී නුඹට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එබැවින් ඔහු රැගෙන ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මේ බිම් කොටසෙහි දමන්නැයි කීවේය.


නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.


මාගේ බිම මට විරුද්ධව කෑගසා නම්, එහි සියලු හීවිටි අඬා පැමිණිලි කෙරේනම්,


ඉන්පසු මෙසේ සිද්ධවිය. සමාරියේ රජවූ ආහබ්ගේ මාලිගාවට සමීපව යෙස්‍රෙයෙලිය නාබොත්ට යෙස්‍රෙයෙල්හි මිදිවත්තක් තිබුණේය.


එවිට උන්වහන්සේ: මනුෂ්‍ය පුත්‍රය, ඒක දුටුවෙහිද? යූදා වංශය මෙහි කරන පිළිකුල්කම්කිරීම ඔවුන්ට සුළු දෙයක්ද? මක්නිසාද ඔව්හු දේශය බලාත්කාරකමෙන් පුරවා තිබේ, ඔව්හු නැවත නැවත මා කෝපකරති. බලව, ඔව්හු අත්ත තමුන්ගේ නාසයට අල්ලති.


එබැවින් බලව, නුඹ ලබාගත් අයුතු ලාභ ගැනත් නුඹ ඇතුළෙහිවූ නුඹේ ලේ වැගිරීම් ගැනත් මාගේ අත් එකට ගසාගතිමි.


නුඹලාගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?


සෙනඟ ඔවුන්ගේ කොටස්වලින් අහක්කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනීවා; මාගේ සෙනඟ තම තමුන්ගේ කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේම කොටසෙන් තමාගේම පුත්‍රයන්ට උරුමයෙන් දේවයි කීවේය.


දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.


මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා ඉශ්‍රායෙල් අධිපතිවරුනි, ඉතින් නුඹලාට ඇත. බලාත්කාරය සහ කොල්ලකෑමද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකමද කර, මාගේ සෙනඟට බලාත්කාරකිරීමෙන් වැලකෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්