දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
ගණන් කථාව 21:16 - Sinhala Revised Old Version එතැනින් ඔව්හු බෙයේර්ට ගමන්කළෝය. ඒ වනාහි: මා සෙනඟට වතුර දෙන පිණිස ඔවුන් රැස්කරන්නැයි ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ස්ථානයෙහි තිබෙන ළිඳය. Sinhala New Revised Version එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය. Sinhala New Revised Version 2018 එතැනින් ඔව්හු බෙයේර් නම් ස්ථානයට ගියහ. ‘සෙනඟ එක්රැස් කරන්න, මම ඔවුන්ට බොන්නට වතුර දෙමි’යි කියා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහි ය. |
දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.
බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.
මක්නිසාද කෑගැසීම මෝවබ්හි සීමාව වටකරින්ම ගියේය; එහි කෑමොරගැසීම එග්ලයිම් දක්වාද එහි කෑමොරගැසීම බෙයෙර්-එලීම් දක්වාද ගියේය.
මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.
ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
නුඹද නුඹේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක.
යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.
නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.
උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.
තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,
ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.