Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:17 - Sinhala Revised Old Version

17 එවිට ඉශ්‍රායෙල්වරු මේ ගීතිකාව කියමින්: එම්බා ළිඳ, වතුර නගව; ඊට ගී කියව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට ඉශ්රායෙල් මේ ගීය ගැයූ හ. “එම්බා ළිඳ, දිය උනන්න. ඊට ගී ගයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:17
8 හුවමාරු යොමු  

නුඹලා අතරෙහි යමෙක් දුක්විඳින්නේද? ඔහු යාච්ඤාකරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහු ගී කියාවා.


ස්වාමීන්වහන්සේට ගායනාකරන්න; මක්නිසාද උන්වහන්සේ උතුම් දේ කළසේක. මේ බව මුළු පොළොවෙහි දන්වනු ලැබේවයි කියන්නහුය.


එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.


උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්; උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.


ඉක්බිති ඒ දවසේදී දෙබොරාද අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක්ද මෙසේ ගීතිකාකළෝය:


අධිපතීන් ජයකොන්තයෙන් හා තමුන් සැරයටිවලින් කැණුවාවූ, සෙනඟගේ උත්තමයන් හෑරුවාවූ ළිඳ මේයයි ගීතිකාකළෝය. ඔව්හු කාන්තාරයෙන් මත්තානායටද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්