Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 22:17 - Sinhala Revised Old Version

17 ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ආත්මයාණන්වහන්සේ ද මනාලී ද “එන්නැ” යි කියති. අසන තැනැත්තා ද “එන්නැ” යි කියත්වා! පිපාසිත ඇත්තා එත්වා! කැමැත්ත ඇත්තා ජීවනයේ දිය නොමිලයේ අරගනිත්වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 22:17
29 හුවමාරු යොමු  

නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.


උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.


මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.


එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.


යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.


ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.


අහෝ යාකොබ්ගේ වංශය, එන්න, ස්වාමීන්වහන්සේගේ එළියෙහි ගමන්කරමු.


තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,


අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මණමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය.


තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.


එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.


බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.


යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.


ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.


එන්න, මතකනැති නොවන සදාකාල ගිවිසුමකින් ස්වාමීන්වහන්සේට එකතුවෙමුයයි කියා ඔවුන් මේ දේශයට මුහුණු හරවාගෙන සියොන්ට පැමිණෙන මාර්ගය විභාගකරනවා ඇත.


නුමුත් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් දැනගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන්වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුව.


බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.


මා කළ සියල්ල මට කීවාවූ මනුෂ්‍යයෙකු බලන්ට එන්න. ඒ ක්‍රිස්තුස්වහන්සේදෝහෝයි මනුෂ්‍යයන්ට කීවාය.


පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.


ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද?


මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.


තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක.


ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසා යේසුස්වහන්සේ පස්සේ ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්