උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.
එසකියෙල් 2:8 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි මා නුඹට කියන දේ අසන්න; ඒ කැරළිකාර වංශය මෙන් නුඹ කැරළිකාරයෙක් නොවන්න. නුඹේ කට ඇර මා විසින් නුඹට දෙන දෙය කන්නැයි මට කීසේක. Sinhala New Revised Version “එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.” Sinhala New Revised Version 2018 “එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.” |
උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක; ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.
තවද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයක් ඇතුව මට කථාකොට, මේ සෙනඟගේ මාර්ගයෙහි නොයන හැටියට මට දැනමුතුකම් දෙමින්, මෙසේ කීසේක:
ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.
මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.
මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් භිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලුම වචන නුඹේ සිතේ තබාගන්න, නුඹේ කන්වලින් අසන්න.
එසේම, මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්‍රායෙල් වංශයට මුරකාරයෙකු කෙළෙමි; නුඹද මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.
ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසා, මා නුඹට පෙන්වන සියල්ලට නුඹේ සිත යොමුකරන්න; මක්නිසාද නුඹ මෙහි පැමිණෙවුවේ ඒවා නුඹට පෙන්වන පිණිසය. නුඹ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්න කීවේය.
එකල්හි මෝසෙස් ආරොන්ට කථාකොට: මා ළඟට පැමිණෙන්නන් කරණකොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනඟ ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමියි ස්වාමීන්වහන්සේ කී කාරණය මේයයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය.
එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.
ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.
නුඹලාගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.
මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.