Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 2:9 - Sinhala Revised Old Version

9 මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මා බැලූ කල මා දෙසට අතක් දිගු කර තිබෙනු දිටිමි. ඒ අතෙහි අකුළන පොතක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 2:9
13 හුවමාරු යොමු  

එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.


එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.


එහි ලියා තිබුණේ විලාපත් වැලපීමත් ළතෝනියත්ය. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, නුඹට සම්බවෙන එක කන්න; මේ පොත කාලා, ගොස්, ඉශ්‍රායෙල් වංශයට කථාකරන්නැයි මට කීසේක.


උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය.


එවිට අතක් මට ස්පර්ශවී, මාගේ දණහිස්ද අතුල්ද බිම ගසා ඉන්ට මට සැලැස්විය.


එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය.


නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි.


එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.


එවිට මම කථාකොට: දෙවියන්වහන්ස, මෙන්න, (පොත් කාණ්ඩයේ මා ගැන ලියා තිබෙන ලෙස) ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමියි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්