Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:24 - Sinhala Revised Old Version

24 ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 “නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:24
18 හුවමාරු යොමු  

ආබ්‍රහම් හොඳ මහලු වයසේදී, වෘද්ධයෙක්ව, වයසින් පූර්ණව, ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය.


නුඹේ සහෝදරවූ ආරොන් හෝර් කන්දේදී මැරී තමාගේ සෙනඟට එකතුවුණාක් මෙන්, නුඹත් මැරී නුඹේ සෙනඟට එකතුවෙන්න.


මම නුඹේ පියවරුන් වෙතට නුඹ පමුණුවන්නෙමි, මා විසින් මේ ඉඩමටත් මෙහි වැසියන්ටත් පමුණුවන සියලු විපත්ති නුඹේ ඇස්වලින් නොදැක, නුඹේ සොහොනට නුඹ සමාදානයෙන් පැමිණෙන්නෙහිය කියා වදාරනසේකැයි කීවාය. ඔව්හුද හැරී ඇවිත් රජුට සැලකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.


නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය.


ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතුවුණේය. ඔවුන්ට පසුව ස්වාමීන්වහන්සේවත් ඉශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැගුටුණේය.


ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.


යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය.


ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,


ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.


ඉෂ්මායෙල්ගේ ජීවිතයේ අවුරුදු ගණන නම් එකසිය තිස් හත් අවුරුද්දක්ය. ඔහු ප්‍රාණය හැර නැසී තම සෙනඟට එකතුවුණේය.


එහෙත් නුඹ සමාදානයෙන් නුඹේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.


මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය.


ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක.


ඔහු ලෙවී ගැන කියනුයේ– නුඹ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,


ඒ මනුෂ්‍යයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ දේශය නුඹලාට දී තිබෙන බවද නුඹලා නිසා භීතිය අප පිට පැමිණ තිබෙන බවද දේශයේ සියලු වැසියන්ගේ සිත් නුඹලා නිසා දියවී තිබෙන බවද දනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්