Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 50:5 - Sinhala Revised Old Version

5 ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 50:5
13 හුවමාරු යොමු  

එහෙත් මේ දේ සිද්ධවෙන්නේ මා පියාණන්වහන්සේට ප්‍රේමකරන බවත් පියාණන්වහන්සේ මට අණකළ ලෙසම මා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. නැගිට මෙතැනින් යමුයයි කීසේක.


උන්වහන්සේ පුත්‍රයෙක්ව සිටි නුමුත් තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක.


මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.


එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.


මා එවූ තැනන්වහන්සේ මා සමඟ සිටිනසේක; උන්වහන්සේ මා තනියම සිටින්ට නෑරියසේක; මක්නිසාද උන්වහන්සේට ප්‍රසන්නවූ දේවල් මම නිතරම කරමියි කීසේක.


මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.


උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක.


එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.


එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී,


එවිට අපි ඔබ කෙරෙන් ආපසු නොයන්නෙමුව. අප ජීවත්කළ මැනව, අපිද ඔබගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමුව.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්