Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 2:8 - Sinhala New Revised Version

8 “එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එහෙත් මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට කියන දේට නුඹ සවන් දෙන්න. ඒ කැරලිකාර වංශය මෙන් නුඹ ද කැරලිකාරයෙක් නොවන්න. නුඹ කට ඇර මා නුඹට දෙන දේ අනුභව කරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි මා නුඹට කියන දේ අසන්න; ඒ කැරළිකාර වංශය මෙන් නුඹ කැරළිකාරයෙක් නොවන්න. නුඹේ කට ඇර මා විසින් නුඹට දෙන දෙය කන්නැයි මට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 2:8
19 හුවමාරු යොමු  

මම දේව දූතයා වෙත ගොස්, “කුඩා පොත මට දෙන්නැ”යි කීවෙමි. ඔහු ද: “එය රැගෙන කන්න; එයින් ඔබේ ආමාශය තික්ත වන්නේ ය. එහෙත් එය ඔබේ කටෙහි මීපැණි ලෙස මිහිරි වන්නේ ය”යි මට කී ය.


ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.


දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.


ඔබට භාර ව සිටින අය කෙරෙහි ආධිපත්‍යය පෑමෙන් වැළකී රැළට ආදර්ශයක් වන්න.


තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.


“නුඹලා මාගේ අණට විරුද්ධ ව, මෙරිබාහි ජලය සමීපයේ දී කැරලි ගැසූ බැවින්, ඉශ්රායෙල් ජනයාට මා දෙන්නට පොරොන්දු වූ දේශයට ආරොන් ඇතුළු නොවන්නේ ය. ඔහු මැරෙනු ඇත.


එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.


සෙනඟ යන මාර්ගයෙහි නොයන ලෙස සමිඳාණන් වහන්සේ තමන් මහත් බලයෙන් මට දැනුමැතිකම් දෙමින් මෙසේ වදාළ සේක:


මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹ වාසය කරන්නේ කැරලිකාර වංශයක් අතරෙහි ය. දැකීමට ඇස් තිබෙන නමුත්, ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට කන් තිබෙන නමුත්, ඇසෙන්නේ නැත. මක්නිසා ද ඔව්හු කැරලිකාර වංශයක් ය.


“ ‘එසේ ම මනුෂ්‍ය පුත්‍රය, මම නුඹ ඉශ්රායෙල් සෙනඟට මුර සෙබළෙකු කෙළෙමි. නුඹ ද මාගේ මුවින් වචනය අසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න.


ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.


සමිඳාණෝ දේශයට අන්ධකාරය එවා එය අඳුරු කළ සේක. එහෙත්, මිසර වැසියෝ එතුමන්ගේ අණට කීකරු නො වූ හ.


මම ද මට අණ කළ ලෙස කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතට ගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරු වූ කල්හි ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.


එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්