ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
උත්පත්ති 50:24 - Sinhala Revised Old Version යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය. Sinhala New Revised Version ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. Sinhala New Revised Version 2018 ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. |
ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ
උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට නුඹට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් නුඹ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.
ස්වාමීන්වහන්සේ තමන් කියා තිබුණු ලෙස සාරා දෙස බැලූසේක, ස්වාමීන්වහන්සේ කථාකළ ලෙස සාරාට කළසේක.
මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;
බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි;
නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක.
මම ආබ්‍රහම්ටද ඊසාක්ටද දුන් දේශය නුඹට දෙන්නෙමි, නුඹට පසුව නුඹේ වංශයට ඒ දේශය දෙන්නෙමියි කීසේක.
මම නුඹ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම නුඹ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත නුඹේ ඇස් පිට තබන්නේයයි කීසේක.
ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: නුඹෙන් මට කරුණාව ඇත්තේවීනම් නුඹේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.
මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.
තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.
ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.
මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.
එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.
සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.
ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර,
එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.
බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.
නුඹට දෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළාවූ දේශයට නුඹ පැමිණෙවු කල්හිත්, නුඹ ගොඩ නොනැගුවාවූ විශාලවූ හොඳවූ නුවරවල්ද,
යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.