Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:32 - Sinhala Revised Old Version

32 තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 තවද, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් ගෙනා ජෝසෙප්ගේ ඇටකටු ෂෙකෙම්හි, ජාකොබ් විසින් ෂෙකෙම්ගේ පියා වූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී මිල සියයකට ගන්නා ලද බිම් කොටසෙහි තැන්පත් කළෝ ය. එය ජෝසෙප්ගේ පරපුරට උරුමයක් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:32
9 හුවමාරු යොමු  

තවද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලා වදාරනවා ඇත, එවිට නුඹලා මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.


ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන


මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.


ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.


යෝසෙප් තමාගේ අන්තිමය ළංවූ කල, ඇදහිල්ලෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිටත්ව යැම සඳහන්කොට, තමාගේ ඇට ගැන අණදුන්නේය.


යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක.


ඇරත් මම නුඹේ සහෝදරයන්ට වඩා එක් කොටසක් නුඹට දුනිමි, ඒක මාගේ දුන්නෙන් සහ කඩුවෙන් අමෝරිවරුන්ගේ අතින් ගතිමියි කීවේය.


යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය;


යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්