මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.
2 රාජාවලිය 23:4 - Sinhala Revised Old Version එවිට බාල්ටත් අෂේරාටත් මුළු අහස් සේනාවටත් සාදා තිබුණ සියලු භාජන ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙනයන්ට කියා රජ නායක පූජකවූ හිල්කියාටත් දෙවෙනි පංක්තියේ පූජකයන්ටත් දොරටු පාලයන්ටත් අණකෙළේය. ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් භූමිවල ඒවා පුලුස්සාදමා, ඒවායේ අලු බෙතෙල්ට ගෙනාවේය. Sinhala New Revised Version එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන පංතියේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය. Sinhala New Revised Version 2018 එවිට බාල් දෙවියාත්, අෂේරා දේවතාවියත්, ආකාශ වස්තූන් සියල්ලත් නමදින පිණිස සාදා තිබුණ සියලු භාජන සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙන් පිටතට ගෙන යන පිණිස නායක පූජක හිල්කියාටත්, දෙ වන කාණ්ඩයේ පූජකයන්ටත්, දොරටු පාලකයන්ටත් රජ අණ කෙළේ ය. ඔහු ජෙරුසලමෙන් පිටත කිද්‍රොන් මිටියාවතේ ඒවා පුළුස්සාදමා, ඒවායේ අළු බෙතෙල් නගරයට ගෙනාවේ ය. |
මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.
තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.
තවද ඔහු නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවල හැසුරුණා මදිවාක් මෙන් ශීදොන්වරුන්ගේ රජවූ එත්බාල්ගේ දූවූ යෙසෙබෙල් භාර්යාකොට පාවාගත්තේය, ඔහු ගොස් බාල්ට සේවය කරමින් නමස්කාරකෙළේය.
ඉතින් දැන් පණිවුඩ යවා සියළු ඉශ්‍රායෙල්වරුන්ද බාල්ගේ ප්‍රොපේතවරුන් හාරසිය පනසද යෙසෙබෙල්ගේ මේසයේ කන අෂේරිය ප්‍රොපේතවරුන් හාරසියදෙනාද මා ළඟට කර්මෙල් කන්දට රැස්කරවන්නැයි කීවේය.
ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.
එසේ වුවත් බාල්ට නොනැමූ දණද ඔහු නොසිම්බාවූ මුඛද ඇති සියල්ලන් වන සත්දහස් දෙනෙක් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඉතුරුකරගන්නෙමියි ඔහුට කීසේක.
තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණ ඒ මුදල් ගණන්කරමින් මිටි බැන්දෝය.
ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.
තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න.
ඔහු ආහාස්ගේ උඩුමහලේ පියස්ස උඩ තිබුණාවූ, යූදාහි රජවරුන් විසින් සෑදුවාවූ පූජාසනද ස්වාමීන්වහන්සේගේ මිදුල් දෙකේ මනස්සේ විසින් සෑදූ පූජාසනද කඩා එතනින් හෙළාදමා, ඒවායේ කුඩු කිද්‍රොන් ඔයට විසිකෙළේය.
තවද බෙතෙල්හි තිබුණ පූජාසනයද ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් සෑදූ උස්තැනද වන පූජාසනයත් උස්තැනත් ඔහු කඩා දමා, උස්තැන පුලුස්සා දමා කුඩුකර, අෂේරා පිළිමයද පුලුස්සාදැමුවේය.
තවද රැකවලුන්ගේ අධිපතිතෙම නායක පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපතියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.
තමාගේ පියවූ හෙසකියා කඩාදැමූ උස්තැන් ඔහු නැවත ගොඩනගා, බාල් දේවතාවන්ට පූජාසන නගා, අෂේරා කණුද සෑදුවේය. ඔහු අහසේ මුළු සේනාවටත් නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.
ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.
එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.
තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.
එම්බා ඉශ්‍රායෙල්, නුඹ වේශ්‍යාකම්කරන නුමුත් යූදා වරද නොකෙරේවා. ගිල්ගල්ට නොපැමිණෙන්න, බෙතාවෙන්ට නොයන්න, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා නොදිවුරන්න.
බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න;
තවද මම යූදාටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මාගේ අත දිගුකරන්නෙමි; බාල්ගේ ඉතිරි පංගුවද, පූජකයන් සමඟ කපුවන්ගේ නාමද,
පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.
යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.