Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:23 - Sinhala Revised Old Version

23 මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැන ම මිනිස්සු මහා හඬින් ඇඬූ හ. රජු කිද්‍රොන් නම් ඔයෙන් එගොඩ වූ පසු සියලු සෙනඟ ද පාළුකරය බලා යන මාර්ගය දිගේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:23
12 හුවමාරු යොමු  

මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.


යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.


නුඹ පිටතට ගොස් කිද්‍රොන් ඔයෙන් එගොඩව ගිය දවසේදී නසිනවාම ඇතැයි දැනගන්න. නුඹේලේ නුඹේම හිස පිට වන්නේයයි ඔහුට කීවේය.


ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න.


දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්‍රායෙල්ට තමා ප්‍රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.


කුමක් හෙයින්ද– ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළකර උන්වහන්සේගේ මාවත් සමතලාකරන්නය කියා වනාන්තරයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද්දේ මොහු ගැනය.


ඒ දවස්වලදී යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනාකරමින්:


පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගෘහය පිරිසිදුකරන පිණිස එහි ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සම්බවුණ සියලු කිලුටු දේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවට ගෙනාවෝය. ලෙවීවරු ඒවා කිද්‍රොන් ඔයට ගෙනයන පිණිස අරගත්තෝය.


තමාගේ මවුවූ මයකා අෂේරා කණුවක් පිණිස පිළිකුල් රූපයක් සෑදූ බැවින් ඔහු ඈ මව් බිසෝකමින් අහක්කර, ඇගේ රූපය කපාදමා, කිද්‍රොන් ඔය ළඟදී පුලුස්සාදැමුවේය.


දාවිත්ද: ගොස් එගොඩවෙයන්නැයි ඉත්තයිට කීය. එවිට ගිත්තීය ඉත්තයිද ඔහුගේ සියලු මිනිස්සුද ඔහු සමඟ සිටි සියලු බාලයෝද එගොඩවූවෝය.


මෙන්න, මට දන්වන්ට නුඹලාගෙන් ආරංචි ලැබෙන තුරු කාන්තාරයේ සමභූමිවල නවතින්නෙමියි කීවේය.


මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්