Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:40 - Sinhala Revised Old Version

40 එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:40
17 හුවමාරු යොමු  

මම යාබින්ගේ සේනාවේ අධිපතියාවූ සිසෙරාද ඔහුගේ රථද සමුදාවද කීෂොන් ඔය ළඟ නුඹ වෙතට රැස්කර ඔහු නුඹ අතට පාවා දෙන්නෙමියි කියාත් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළා නොවේදැයි කීවාය.


එහෙත් කියන්ට මා විසින් අණ නොකළ වචනයක් මාගේ නමින් හිතුවක්කාරකමින් කථාකරන්නාවූ නොහොත් අන් දෙවිවරුන්ගේ නාමයෙන් කථාකරන්නාවූ අනාගතවක්තෘ කෙනෙක් වේ නම් ඒ තෙමේ මරනු ලබන්නේය.


ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.


කීෂොන් ගංගාව, ඒ පැරණි ගඟවූ කීෂොන් ගංගාව, ඔවුන් ගහගන ගියාය. එම්බා මාගේ ආත්මය! ශක්තියෙන් ගමනය කරව.


ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.


එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය.


ස්වාමීන්වහන්සේගේ වැඩ අලසකමින් කරන්නාට ශාපවේවා, ලෙයින් තමාගේ කඩුව වලක්වාගන්නාටත් ශාපවේවා.


ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය.


එලියා ආහබ්ට කථාකොට: හැරී ගොස් කන්න, බොන්න; මක්නිසාද මහත් වර්ෂා ශබ්දයක් තිබේයයි කීවේය.


එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය.


දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.


මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩාදමා, ඔහුගේ පූජාසනද ඔහුගේ පිළිමද බිඳදමා, පූජාසන ඉදිරියේදී බාල්ගේ පූජකයාවූ මත්තන් මැරුවෝය.


නුඹලා අවට නුඹට කිට්ටුව හෝ නුඹෙන් ඈත්ව හෝ පොළොවේ එක් කොනක සිට අනික් කොන දක්වා සිටින මනුෂ්‍ය වර්ගයන්ගේ දෙවිවරුන්වූ,


සිසෙරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ නවසියයක්ද තමා සමඟ සිටි මුළු සෙනඟද ජාතීන්ට අයත් හරොෂෙත්හි සිට කීෂොන් ඔය ළඟට අඬගස්වාගත්තේය.


ඈට දෙපසින් ඉඩඇරිය විට ඈ රජගෙදරට අශ්ව දොරටුවෙන් ගියාය. එහිදී ඔව්හු ඈ මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්