Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 18:26 - Sinhala Revised Old Version

26 ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔව්හු තමන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළ කොට, උදය පටන් ඉර මුදුන් වේලාව දක්වා බාල් දේවතාවාගේ නාමයෙන් යාච්ඤා කරමින්, “අහෝ බාල් දේවතාවෙනි” කියා කෑ ගසමින්, සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝ ය. එහෙත්, කිසි හඬක් වත්, උත්තර දුන් කිසිවෙක් වත් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:26
21 හුවමාරු යොමු  

ඒවා තල්ගහක් මෙන් වටකුරුකර තිබේ. ඒවා කථාකරන්නේ නැත. අඩි තබායන්ට ඒවාට බැරි නිසා උසුලාගෙනම යන්ට ඕනෑය. ඒවාට භය නොවෙන්න; මක්නිසාද අනතුරු කරන්ට ඒවාට බැරිය, යහපත කිරීමද ඒවාට නැත.


නුඹලා අන්‍යදෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම නුඹලා ගොළු දේවතාරූප වෙතට ගෙනයනු ලැබූබව නුඹලා දන්නහුය.


ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.


තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.


ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.


කැපූ රූපය සාදන්නා විසින් ඒක කැපූ නිසා රූපයෙන්වත්, ගොළු රූප සාදන්නා ඒවා සාදමින් තමාගේ වැඩ කෙරෙහි විශ්වාසකරන නිසා වාත්තු පිළිමයෙන්වත්, බොරු උගන්වන්නාගෙන්වත් ඇති ප්‍රයෝජනය මොකද?


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.


ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.


තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රවූ අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා අරාරාත් දේශයට සැඟවී ගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජවිය.


නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.


එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: නුඹලා බොහෝදෙනෙකු බැවින් පළමුකොට නුඹලාට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.


ඉරමුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම්කොට: හයියෙන් මොරගසන්න; මක්නිසාද ඔහු දෙවිකෙනෙක! ඔහු මෙනෙහිකරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත, සමරවිට ඔහු නිදාගන සිටියි, ඒ නිසා පුබුදුවන්ට වුවමනායයි කීවේය.


එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය.


ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය.


ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්