Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 27:1 - Sinhala Revised Old Version

1 පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 27:1
16 හුවමාරු යොමු  

පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.


එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.


පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්:


තමුන්ගේ යහන්වලදී අපරාධ යොදා නපුර පිළියෙළකරන්නන්ට දුක්වේ! පසුවදා එළිවෙන කොට ඔවුන්ගේ අතට බලය ලැබෙන නිසා ඔව්හු ඒක ඉෂ්ටකරති.


ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


ඔව්හු ඒ අසා, අලුයම් වේලෙහි දේවමාළිගාවට ඇතුල්වී ඉගැන්නුවෝය. නුමුත් උත්තම පූජකයාද ඔහු සමඟ සිටියෝද ඇවිත් මන්ත්‍රණ සභාව හා ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කරවා, ඔවුන් ගෙනෙන පිණිස හිරගෙට මනුෂ්‍යයන් යැවුවෝය.


දාවිත් ගැන රැකසිට පසුවදා උදය ඔහු මරන පිණිස සාවුල් ඔහුගේ ගේ ළඟට පණිවිඩකාරයන් යැවීය. එය දාවිත්ගේ භාර්යාවවූ මීඛල් ඔහුට දන්වා: අද රාත්‍රියේ නුඹේ ප්‍රාණය ගළවා නොගත්තොත් හෙට නුඹ මරනු ලබනවා ඇතැයි ඔහුට කීවාය.


සම්සොන් මෙහි ඇවිත් ඉන්නේය කියා ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔව්හු ඔහු වටකොට ඔහු අල්ලන්ට නුවර දොරටුව ළඟ රාත්‍රිය මුළුල්ලෙහි රැක සිටියෝය. ඔව්හු කථාකොට: පහන්වනතුරු සිටියාවේ, එවිට ඔහු මරන්නෙමුව කියා රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය.


මක්නිසාද බොහෝ දෙනෙකුගේ කෙලසුම් බස් ඇසීමි, හාත්පස භීතිය ඇත්තේය. මට විරුද්ධව එක්ව මන්ත්‍රණයකරද්දී, ඔව්හු මාගේ ජීවිතය පැහැරගන්ට උපා යෙදුවෝය.


මක්නිසාද මාගේ සතුරෝ මා ගැන කථාකෙරෙති; මාගේ ප්‍රාණය ගැන රැකසිටින්නෝ එක්ව මන්ත්‍රණයකරමින්:


තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්