යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,
2 රාජාවලිය 17:11 - Sinhala Revised Old Version ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය. Sinhala New Revised Version ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. Sinhala New Revised Version 2018 ඔවුන් ඉදිරියෙන් සමිඳාණන් වහන්සේ ගෙන ගිය විජාතීන් කළ පරිදි ඒ සියලු ගිරිකුළු දේවාලවල සුවඳ දුම් ඔප්පු කළෝ ය. සමිඳාණන් වහන්සේ උදහස් කරන අන්දමේ නපුරු දේවල් ද කළෝ ය. |
යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,
තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.
යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,
ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.
යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.
නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.
අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.
කාන්තාරයෙහි මුද්‍රිකඵල මෙන් ඉශ්‍රායෙල් මට සම්බවිය; අත්තික්කා ගසේ පළමු සෘතුවේ නාඹුල් ඵල මෙන් නුඹලාගේ පියවරුන් දුටිමි. නුමුත් ඔව්හු බාල්-පෙයෝර්ට අවුත්, නින්දිතයාට කැපවී, තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල්වූවෝය.
නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.
ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය.
දෙවි නොවන්නන් කරණකොටගෙන ඔව්හු මා කෝපකළෝය; තමුන්ගේ නිෂ්ඵලකම්වලින් මා උදහස් කළෝය. මමද සෙනඟක් නොවන්නන් කරණකොටගෙන ඔවුන් කෝපකරවන්නෙමි; අඥාන ජාතියක් ලවා ඔවුන් උදහස් කරවන්නෙමි.