Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 28:25 - Sinhala Revised Old Version

25 යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ජුදාහි සියලු නගරවල ම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන පිණිස ඔහු ගිරිකුළු දේවාල සාදා තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ කෝප කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 28:25
9 හුවමාරු යොමු  

ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.


ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය.


ආහාස් දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ එකතුකර, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ කැබෙලිකොට කපා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරවල් වසා, යෙරුසලමේ සියලු මුළුවල පූජාසන සාදාගත්තේය.


මුල පටන් අග දක්වා ඔහුගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු මාර්ගද යූදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහි ලියා තිබේ.


ඔව්හු මා අත්හැර තමුන්ගේ අත්වල සියලු ක්‍රියාවලින් මා කෝපකරවන ලෙස වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකළ බැවින්, මාගේ උදහස මේ ස්ථානය කෙරෙහි ඇවිලෙන්නේය, ඒක නිවෙන්නේ නැත.


ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්‍රකාශනය විය.


මක්නිසාද, යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.


නුඹව සිටෙවුවාවූ සේනාවල ස්වාමීන්වහන්සේ, ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් බාල්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් මා කෝපකරවන ලෙස සිද්ධකරගත්තාවූ නපුර නිසා නුඹට විපත්තිය නියමකර තිබේ.


නුඹ සියලු වීථිවල [වේශ්‍යා] මහලක් තනාගෙන උස්තැනක්ද සාදාගත්තෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්