Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 12:4 - Sinhala Revised Old Version

4 යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න යාග පූජා මුදල් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජෙහෝවාෂ් පූජකයන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න ලද කැප කළ දේවල මිල සියල්ල ද එනම්, එක් එක්කෙනා ගෙවිය යුතු මුදල් ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙ‍න යාග පූජා මුදල් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 12:4
33 හුවමාරු යොමු  

නුඹ නායක පූජකයාවූ හිල්කියා වෙතට ගොස් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතුකරගත් ඒවා භාරදෙන ලෙස ඔහුට දන්වන්න.


නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද,


කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවූ සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.


කැමති සිත් ඇති සියලු පුරුෂයෝද ස්ත්‍රීහුද අවුත් මේඛලාද කුණ්ඩලාභරණද පේරැස් මුදුද වළලුද යන සියලු ආකාර රන් බඩු ගෙනාවෝය; ස්වාමීන්වහන්සේට රන් පඬුරක් ඔප්පුකරන හැමදෙනා එසේ ගෙනාවෝය.


මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.


යෙරුසලමෙහි තිබෙන තමුන්ගේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සෙනඟ සහ පූජකයන් කැමැත්තෙන් දෙන පඬුරුත් සමඟ ගෙනයන පිණිසත්, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් නුඹ යවනු ලබන්නෙහිය.


ඔව්හු තමුන්ගේ පුළුවන්කමේ හැටියට රන් දරික් මිල සැට එක් දහසක්ද රිදී රාත්තල් පන්දහසක්ද පූජක වස්ත්‍ර සියයක්ද කර්මාන්ත ගබඩාවට දුන්නෝය.


ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.


ඔහු පූජකයන් ඔවුන්ගේ තනතුරුවල සිටුවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට ඔවුන් ධෛර්යකෙරෙවුවේය.


පඬුරුද දසයෙන් කොටස්ද කැපකළ දේවල්ද විශ්වාසලෙස ඇතුළට ගෙනාවෝය. ලෙවීයවූ කොනනියා ඒවා බලාගැනීමට පත්ව සිටියේය, ඔහුගේ සහෝදර ෂිමෙයි ඔහුට දෙවෙනියාව සිටියේය.


ඔහු තමාගේ පියා විසින්ද තමා විසින්ද කැප කළ රන් රිදී සහ බඩු දෙවියන්වහන්සේගේ ගෘහය ඇතුළට ගෙනාවේය.


මාගේ දෙවියන්වහන්ස, ඔබ සිත සෝදිසිකරන බවත් අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන්ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබගේ සෙනඟද සතුටු සිතින් ඔබට පූජාකරන බව ප්‍රීතියෙන් දුටිමි.


එවිට යූදාහි රජවූ යෙහෝවාෂ් තමාගේ පියවරුන්වූ යෙහෝෂාපාට්ද යෙහෝරාම්ද අහසියාද යන යූදාහි රජවරුන් විසින් කැපකළ සියලුම ශුද්ධ දේවල්ද තමාගේම ශුද්ධ දේවල්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවලත් රජ ගෙයිත් තිබුණාවූ සියලු රන්ද රැගෙන සිරියේ රජවූ හසායෙල්ට හැරියේය. එවිට ඔහු යෙරුසලමෙන් අහක්ව ගියේය.


සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.


යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.


ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේට කැපකෙළේය.


පූජකයෝ තම තමුන් අඳුනන්නවුන්ගෙන් ව්‍යවහාර මුදලින් ගනිත්වා, ඔව්හුද ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින කැඩුම් හරිගස්සත්වයි කීවේය.


ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ උස් තැන්වල පූජා ඔප්පුකළෝය.


සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.


එසේ වී නුමුත් උස් තැන් අහක් නොකරනලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.


එසේ වුවත් උස් තැන් පහ නොකරන ලද්දේය. ඒ වනතෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය.


ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.


ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්