Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 18:9 - Sinhala Revised Old Version

9 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 18:9
11 හුවමාරු යොමු  

එබැවින් නුඹලාට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා නුඹලා ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි නුඹේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.


ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පනත්වලද ඉශ්‍රායෙල් රජුන් සාදාගත් පනත්වලද හැටියට හැසුරුණු නිසාය.


හිත්තීවරුද අමෝරිවරුද කානානිවරුද පෙරිස්සිවරුද හිවීවරුද යෙබූසිවරුද වන ඔවුන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ ලෙස නුඹ විසින් සහමුලින්ම විනාශකර දැමිය යුතුය.


ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය.


ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.


පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල්වල හැටියට බොහෝසේ අපරාධකරමින්, ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි විශුද්ධකළ උන්වහන්සේගේ ගෘහය අපවිත්‍රකළෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ජාතීන්ගේ මාර්ගය ඉගෙන නොගන්න, අහසේ ලකුණුවලට ජාතීන් කැලඹෙන නුමුත් නුඹලා ඒවාට නොකැලඹෙන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්