Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 14:15 - Sinhala Revised Old Version

15 තවද ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ අෂේරා කණු සාදාගන ස්වාමීන්වහන්සේ කෝපකළ බැවින්, බටගහ වතුරේ සෙලවෙන්නාක් මෙන් සෙලවෙන්ට ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදී, උන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ හොඳ දේශයෙන් ඔවුන් උදුරා, ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවා දමනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සලෙවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සෙලවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:15
32 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ නුඹ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ නුඹ අල්වා ඔබගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමනසේක.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.


නමස්කාරකරන පිණිස නුඹලා විසින් සාදනලද රූප එනම් මොලොක්ගේ කූඩාරමද රෙපාන් දෙවියාගේ තාරකාවද ඔසවාගෙනගියහුය. එබැවින් නුඹලා බබිලෝනියෙන් එපිටට ගෙනයන්නෙමි යනුයි.


යොහන්ගේ දූතයන් නික්ම ගිය විට උන්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බටගසක්ද?


උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.


ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද?


මක්නිසාද ගාසා අත්හරිනු ලබන්නේය, අෂ්කෙලොන් පාළුවක් වන්නේය. ඔව්හු මද්දහන් වේලාවේ අෂ්දොද්වරුන් එළවා දමන්නෝය, එක්‍රොන්ද උදුරනු ලබන්නේය.


ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත් කිහිරි ගස්වල උස හා සමාන උස ඇත්තාවූ, අලෝන ගස් මෙන් ශක්තිමත්වූ අමෝරිවරුන් ඔවුන් ඉදිරියෙන් විනාශකරදැමුවේ මමය; ඉහළින් ඔවුන්ගේ ඵලද පහළින් ඔවුන්ගේ මුල්ද නාස්තිකෙළෙමි.


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


නුඹට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා නපුරුකම් කරමින්, මා කෝපකරන හැටියට අන් දෙවිවරුන්ද වාත්තු පිළිමද සාදාගන මට පිටිපෑ බැවින්,


නුමුත් නුඹලා තවත් නපුරම කරනවානම් නුඹලාද නුඹලාගේ රජුද නාස්ති වෙනවා ඇතැයි කීවේය.


ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.


දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය.


ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තුකළ පිළිම වන වස්සන් දෙන්නෙක්ද අෂේරා කණුවක්ද සාදාගන, මුළු අහස් සේනාවට නමස්කාරකරමින්, බාල්ට සේවයකළෝය.


මා විසින් ඔවුන්ට දී තිබෙන මාගේ දේශයෙන් මම ඔවුන් සහමුලින්ම පහකරදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් අහකදමා, ඒක සියලු ජාතීන් අතරේ උපමාවක්ද නින්දා පාඨයක්ද කරන්නෙමි.


මටත් නුඹටත් පළමුවෙන් පුරාණයේ පටන් සිටි අනාගතවක්තෘවරුත් බොහෝ රටවලට සහ මහත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ගැන අනාගතවාක්‍ය කීවෝය


ඔවුන් ඉදිරියෙන් ස්වාමීන්වහන්සේ ගෙන ගිය ජාතීන් කළාක් මෙන් ඒ සියලු උස්තැන්වල සුවඳ දුම් ඔප්පුකළෝය; ස්වාමීන්වහන්සේට උදහස උපදවන හැටියට නපුරු දේවල්ද කළෝය.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගිනි මැදින් යවා පූජාකළෝය, පේනකීමද ශාස්ත්‍රබැලීමද භාවිතාකළෝය, ස්වාමීන්වහන්සේ උදහස්කරවන ලෙස උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කිරීමටද භාරවුණේය.


මා විසින් ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශය මතුපිටින් ඔවුන් නැතිවී යන තුරු, ඔවුන් අතරට කඩුවත් සාගතයත් වසංගතයත් යවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්