Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 12:2 - Sinhala Revised Old Version

2 නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබ යටත් කරගන්න ජාතීන් තමන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කළ උස් කඳු මත ද, කඳු හෙල් මත ද, සෑම අතුපතර ඇති ගසක් යට ද වූ සියලු වන්දනා ස්ථාන සහමුලින් ම වනසා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබ යටත් කරගන්න ජාතීන් තමන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කළ උස් කඳු මත ද, කඳු හෙල් මත ද, සෑම අතුපතර ඇති ගසක් යට ද වූ සියලු වන්දනා ස්ථාන සහමුලින් ම වනසා

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 12:2
22 හුවමාරු යොමු  

එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.


ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.


ඔව්හු කඳු මුදුන්වල යාග කරති, හෙල් උඩ අලෝනද ලිබ්නාද ඒලාද යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම්ද ඔප්පුකරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති, නුඹලාගේ යෙහෙළියෝද කාමමිථ්‍යාචාරයකරති.


තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ නුඹ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.


යෙරුසලම ඉදිරිපිටින් විනාශ කන්දට දකුණෙන් තිබුණාවූ ශීදොන්වරුන්ගේ පිළිකුලවූ අෂ්ටොරෙත්ටත් මෝවබ්වරුන්ගේ පිළිකුල්වූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මිල්කොම්ටත් ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ගොඩනැගූ උස්තැන් රජ දූෂ්‍යකෙළේය.


මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට ඔවුන්ගේ පූජාසන කඩාදමන්නය කියාද කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට ඇහුම්කන් නුදුන්නහුය. නුඹලා මෙසේ කළේ මක්නිසාද?


තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.


නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.


ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ උස් තැන්වල පූජා ඔප්පුකළෝය.


ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;


දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?


මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


මුඩු කඳු දෙස නුඹේ ඇස් ඔසවා, නුඹ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් නුඹ ඔවුන් ගැන බලා ඉඳ, නුඹේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.


නුඹේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව නුඹ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.


එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්