ගීතාවලිය 26:7 - Sinhala New Revised Version සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි. Sinhala New Revised Version 2018 සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි. Sinhala Revised Old Version නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය ප්‍රදක්ෂිණ කරන්නෙමි. |
සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.
සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;
ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.
මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.