Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 9:1 - Sinhala New Revised Version

1 සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 9:1
22 හුවමාරු යොමු  

එතුමන්ගේ මෙහෙකරු වන ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් විසින් තෝරාගනු ලැබූ තැනැත්තන් වන ජාකොබ් දරුවෙනි,


ජාතීන් අතරෙහි එතුමන්ගේ මහිමය ද සියලු ජාතීන් අතරෙහි එතුමන්ගේ ක්‍රියා ද පතළ කරන්න.


සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?


සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.


සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.


සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.


සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි.


සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.


මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.


එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.


ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.


ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.”


ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.


ඔහු උත්තර දෙමින්, “නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත්, නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙ‍න් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි” කී ය.


එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි.


ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්