ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!
ගීතාවලිය 16:3 - Sinhala New Revised Version මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය. Sinhala New Revised Version 2018 මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය. Sinhala Revised Old Version පොළොවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය. |
ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!
මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි. නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.
නුඹ, ‘අත්හරින ලද්දා’ කියා ද නුඹේ දේශය ‘අත්හරින ලද භාර්යාවක’ කියා ද තවත් නොකියනු ලබන්නේ ය. ‘මාගේ ප්‍රීතිය’ යන අරුත ඇති ‘හෙප්ශිබා’ නුඹේ අලුත් නම වන්නේ ය. සමිඳාණන් නුඹ කෙරෙහි ප්‍රසන්න බැවින්, නුඹේ දේශය ‘ප්‍රීති කරන ගීය’ යන අරුත ඇති ‘බෙයුලා’ කියා කියනු ලබන්නේ ය. එතුමාණෝ නුඹේ දේශය සරණ කොට ගන්න සේක.
සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. “ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි.
එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි.
එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.
දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි.
මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය.
මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.