Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 30:4 - Sinhala New Revised Version

4 පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සැදැහැවතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ස්වාමීන්ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසා ගී කියව්, උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 30:4
16 හුවමාරු යොමු  

සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා! එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!


ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.


එතුමන්ගේ සියලු සෙනඟ ද එතුමන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


ඔබේ පූජකයෝ දැහැමිකමින් සැරසෙත් වා! ඔබේ සැදැහැවත්හු තුති ගොස කරත් වා!


තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සේවය කිරීමටත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වර්ණනා කිරීමටත්, උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමටත් ඔහු ලෙවීවරුන්ගෙන් සමහරෙකු නියම කෙළේ ය.


එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”


“පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක.


දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.


සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?


මරණය සමිඳුන්ගෙන් ය, ජීවිතය ද සමිඳුන්ගෙන් ය; පාතාලයට ගෙන යන්නේත්, එයින් ගෙන එන්නේත් සමිඳාණෝ ය.


සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.


මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.


එතුමාණෝ සිය වදනින් ඔවුන් සුවපත් කළ සේක. ඔවුන් මරණින් ගොඩගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්