උත්පත්ති 24:7 - Sinhala New Revised Version මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක. Sinhala New Revised Version 2018 මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක. Sinhala Revised Old Version මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය. |
ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා
මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය.
නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත.
එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, “ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. “මම මෙහි සිටිමි”යි ඔහු කී ය.
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
එවිට ඔහු මට කතා කොට, ‘මා සේවය කරන සමිඳාණන් වහන්සේ නුඹ කැටුව සිය දූතයා එවමින් නුඹේ ගමන සාර්ථක කරන සේක. නුඹ මාගේ පුතු හට මාගේ ඥාතීන් අතුරින් හා මාගේ පියාගේ ගෘහයෙන් බිරිඳක ගත යුතු ය.
එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ.
සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.
“නුඹට උගන්වන්නෙමි; යා යුතු මඟ ගැන උවදෙස් දෙන්නෙමි; මා දෙනෙතින් නුඹ දෙස බලා නුඹට දැනමුතුකම් දෙන්නෙමි.
තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.
ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය.
ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි.
ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.
ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.
ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.
මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ‘ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට, කිරි මවක කිරි බොන දරුවෙකු උසුලාගෙන යන ලෙස, ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න’ කියා ඔබ මට කීමට ඇත්තෙන් ම ඔවුන් ජනිත කෙළේ මම ද?
‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.
ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.
‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත.
එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක.
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය.
ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි.
ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.
සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි.