Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 34:4 - Sinhala New Revised Version

4 ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉන්පසු සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “ ‘නුඹේ ගෝත්‍රයට දෙන්නෙමි’යි කියා ආබ්‍රහම් ද ඊසාක් සහ ජාකොබ්ට ද දිවුළ දේශය මේ ය. දේශය නුඹේ දෙනෙතින් දකින්නට සැලැස්වීමි. එහෙත්, නුඹ ඊට ඇතුළු නො වන්නෙහි ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 34:4
15 හුවමාරු යොමු  

නුඹ දුර තියා දේශය නරඹන්න. එහෙත්, මා ඉශ්රායෙල් ජනයාට දෙන දේශයට නුඹ ඇතුළු නොවන්නෙහි ය”යි වදාළ සේක.


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.


සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.


මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.


නුඹට පෙනෙන මේ මුළු රට ම නුඹටත්, නුඹේ පෙළපතටත් සදහට ම මම දෙන්නෙමි.


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.


නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”


බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “


ඔබ හැම නිසා සමිඳාණන් වහන්සේ මා සමඟ ද කිපී, ‘ඔබත් එහි ඇතුළු නොවන්නෙහි ය;


කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්