Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 1:6 - Sinhala New Revised Version

6 ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 1:6
36 හුවමාරු යොමු  

ඔහු මට කතා කර, “විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යය, බිය නොවන්න; නුඹට සාමදානය වේවා; ශක්තිමත් වන්න, ධෛර්යවත් වන්නැ”යි කී ය. ඔහු කතා කළ විට, මම ශක්තිමත් වී, “ස්වාමීනි කතා කළ මැනව; ඔබ මා ශක්තිමත් කෙළෙහි ය”යි කීමි.


ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”


මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.


අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න.


සෝදිසියෙන් ඉන්න, ඇදහිල්ලෙහි ස්ථිර වන්න. වීරවන්ත ව සිටින්න. ශක්තිසම්පන්න වන්න.


මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් ශක්තිමත් වන්න.


ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පණත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.


එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ මාලිගාව යළි ගොඩනඟන පිණිස අත්තිවාරම දැමූ දා සිට දිවැසිවරයා කී මේ වචන දැනුත් අසන නුඹලා ධෛර්යවත් වන්න.


“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න.


මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.


පිලිස්තිවරුනි, ධෛර්ය සම්පන්න වී වීර පුරුෂයන් මෙන් සටන් කරන්න. එසේ නොකළොත් ඔවුන් අපේ වහලුන් වූවාක් මෙන් අපි හෙබ්‍රෙව්වරුන්ගේ වහල්ලු වන්නෙමු. ඒ නිසා වීර පුරුෂයන් මෙන් සටන් කරන්නැ”යි කී හ.


සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.


“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත.


අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.


“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.


නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි.


බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “


යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.


ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය.


ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.


ලෙබනොන් පටන් මිස්රෙපොත්-මායිම් දක්වා කඳු රටේ සියලු වැසියන් වන සියලු සීදොන්වරුන් මම ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් පන්නාදමන්නෙමි. මා නුඹට අණ කළ හැටියට පස ඇට දමා ඒ ප්‍රදේශය ඉශ්රායෙල්වරුන්ට උරුමයක් වශයෙන් බෙදා දෙන්න.


ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?


මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.


තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.


එහෙත්, ඔබ දුබල නොවී ශක්තිමත් වන්න. මන්ද, ඔබ හැමගේ වැඩට විපාක ලැබෙන්නේ ය.”


අපේ දෙවියන් වහන්ස, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ඉදිරිපිටින් ඔබ වහන්සේ ම මේ දේශයේ වැසියන් පන්නා දමා, ඔබේ මිත්‍ර වන ආබ්‍රහම්ගේ වංශයට එය සදහට ම නුදුන් සේක් ද?


එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්