Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:44 - Sinhala New Revised Version

44 ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:44
38 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.


ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.


මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.


එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.”


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.


උන් වහන්සේ දැක් වූ හාස්කම් කොපමණ මහත් ද? උන් වහන්සේ කළ අරුමපුදුම දේ කොපමණ බලවත් ද? උන් වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක් ය. උන් වහන්සේගේ පාලනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේ ය.


රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.


රාජ ජයකොන්තය හිමි තැනැත්තා එන තෙක්, ජුදා කෙරෙන් එය පහනොවේ. රාජ යෂ්ටිය ඔහු පා අතරින් පහනොවේ. ජනතාවෝ ඔහුට කීකරු වෙති,


එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:


මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය.


මැටි බඳුන් බිඳ සුණු විසුණු කරන්නාක් මෙන්, ඔහු ඔවුන් යගදාවකින් පාලනය කරන්නේ ය.


සමූහයා උන් වහන්සේට පිළිතුරු දෙමින්, “ ‘ක්‍රිස්තුවරයාණෝ සදහට ම වැඩවසති’යි ව්‍යවස්ථාවලියෙන් අප අසා ඇත. එසේ නම් මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවනු ලැබිය යුතු යයි ඔබ කියන්නේ කෙසේ ද? මේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් දැ”යි ඇසූ හ.


ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.


ඔබ බලා සිටිය දී මිනිස් අතින් නොකපන ලද ගලක් කන්දෙන් ගැලවී අවුත් රූපයේ යකඩ සහ මැටි පාදවල වැදී ඒවා පොඩි කරදැමී ය.


එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.


එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රත්රන් ද එකට පොඩි වී ගිම්හාන කාලයේ කමතේ බොල් මෙන් සුළඟට ගසාගෙන ගියේ ය. ඒවායේ ශේෂමාත්‍රයක් වත් ඉතුරු නො වී ය. රූපයට වැදුණු ගල විශාල පර්වතයක් විය. එයින් පොළොව පිරී ගියේ ය.


යකඩ මැටි මිශ්‍ර ව තිබෙනු ඔබ දුටු ලෙස මනුෂ්‍යයෝ විවාහයෙන් මිශ්‍ර වන්නෝ ය. එහෙත්, යකඩ හා මැටි මිශ්‍ර නොවන සේ ඔව්හු එකට බැඳී නොසිටිති.


ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.


නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”


ගළවන්නේත්, නිදහස් කරන්නේත්, අහසේ ද පොළොවේ ද හාස්කම් ද අරුමපුදුම දේ ද කරන්නේත් එතුමාණෝ ය. සිංහයන්ගේ බලයෙන් දානියෙල් මුදාගත්තේත් එතුමාණෝ ය”


රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්