ගීතාවලිය 91:1 - Sinhala New Revised Version 2018 පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. Sinhala New Revised Version පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. Sinhala Revised Old Version මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය. |
විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.
මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.
ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.
මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.
මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය. ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි; එහි ඵල මා මුවට ඉමිහිරි ය.
දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.
මම ශුද්ධස්ථානයකට ද මිනිසුන්ගේ පැකිළීමට හේතු වන ගලකට ද සමාන වෙමි; ජුදා හා ඉශ්රායෙල් රාජ්‍යවල සෙනඟ ද ජෙරුසලමේ වැසියන් ද අසු කරගන්න මලපතක් හා සමාන වෙමි.
“ඔහුගේ ආරක්ෂා සෙවණෙහි ජාතීන් අතර අපට ජීවත් වන්න ලැබේ ය”යි අප කීවා වූ අපේ නාසයේ හුස්ම වැනි වූ සමිඳාණන්ගේ අභිෂේක ලත් තැනැත්තේ ඔවුන්ගේ බොරු වළේ අසුවුණේ ය.
“එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’
කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.