මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
ගීතාවලිය 46:2 - Sinhala New Revised Version 2018 මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්, Sinhala New Revised Version මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්, Sinhala Revised Old Version එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, |
මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
බළ ඇණියක් මට විරුද්ධ ව කඳවුරු බැන්දත්, මසිතට බියක් නැත. මට විරුද්ධ ව යුද ගිනි ඇවිළුණත්, මම සුරක්ෂිත ව සිටිමි.
සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමාණන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.
නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.
ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමාණෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”
සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?
සමිඳාණන් වහන්සේ යහපත් ය. දුක් විපත් ඇති විට උන් වහන්සේ බලකොටුවක් වන සේක. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් උන් වහන්සේ දන්න සේක.
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට, ඇදහිල්ල ඇති ව සිටින්නහු නම්, මේ අත්තික්කා ගසට මා කළ දෙය ඔබත් කරනු ඇත. එපමණක් නොව, මේ කන්දට, ‘ඉදිරී ගොස් මුහුදේ වැටේ වා’යි කීවොත් එය ද සිදුවනු ඇත.
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.