Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:3 - Sinhala New Revised Version 2018

3 මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:3
52 හුවමාරු යොමු  

සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.


බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”


සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.


දෙවිඳුන්ගේ හැම කියමනක් ම අත්දුටු සත්‍යය වේ; දෙව් සරණ පතන අයට එතුමාණෝ පලිහක් වැනි ය.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය; මිදුම්කාරයාණෝ ය. ඔබ මා දෙවිඳාණෝ ය; පර්වතය ය. මම ඔබ සරණකොට ගනිමි. ඔබ මට පලිහ ය; ගැළවීමේ බලය ය; උස් කොටු පවුර ය.


එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ඔබේ වාසනාවක මහත! සමිඳු මිදූ සෙනඟකි, ඔබ. ඔබ හා සමාන කිසිවෙක් නැත. ඔබට ආධාර වන පලිහ, ඔබට ජයසිරි දෙන කඩුව, සමිඳාණෝ ය. ඔබේ සතුරෝ වැටී කමාව ඉල්ලා එන්නෝ ය. ඔබ ඔවුන්ගේ ගිරිකුළු දේවාල පයින් පාගා පොඩි කරදමන්නහු ය.”


කලකට පසු සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, පණිවුඩයක් දෙමින්, “ආබ්‍රම්, බිය නොවන්න; නුඹ රක්නා පලිහ මම ය; නුඹේ වාසනාව අතිවිසල් ය”යි වදාළ සේක.


නැවතත්: “මම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි”යි කියා ද, යළිත්: “මෙන්න, මමත් දෙවියන් වහන්සේ මට දුන් දූදරුවෝත්” ය කියා ද වදාළ සේක.


සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.


එතුමාණෝ මට කරුණා නිධානය ය; මාගේ බලකොටුව ය; මාගේ උස් කොටුව හා මාගේ මිදුම්කරු ය; මාගේ පලිහ ය. මා විශ්වාසය තබන තැනැන් වහන්සේ ය. ජාතීන් මට යටත්කර දෙන්නේ එතුමාණෝ ය.


ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.


පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති. එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.


සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.


සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක;


නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව. සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!


සමිඳාණන් වහන්ස, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.


දෙවිඳුනි, අහංකාර අය මට එරෙහි ව නැඟිටින්නෝ ය. ඔබට ගරු නොකරන කුරිරු මිනිස් පිරිසක් මා මරන්නට සොයන්නෝ ය.


සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.


අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.


එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය.


මම වනාහි බොහෝ දෙනෙකුට ගැටළුවක් මෙන් වූයෙමි. මන්ද, ඔබ මාගේ බලවත් රක්ෂස්ථානය වූ සේක.


මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක; සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක.


දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.


සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමාණන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.


විපත් දවසේ දී එතුමාණෝ සිය භවනෙහි මා තබා රක්නා සේක; සිය මණ්ඩපයෙහි රහස් කාමරයක මා සඟවන සේක. එතුමාණෝ මා ඔසවා පව්වක් මත මා තබන සේක.


මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.


සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක.


උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.


මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය. එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක; සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.


හන්නා යාච්ඤා කරමින් මෙසේ කීවා ය: “මා සිත සමිඳුන් කෙරෙහි ප්‍රීතිමත් වේ; මාගේ සවිය සමිඳුන් කෙරෙහි උසස් වී තිබේ. මාගේ මුවින් මා සතුරන්ට මම සරදම් කරමි; ඔබ මා ගැළෙවු නිසා මම ප්‍රීති වෙමි.


එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද?


උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස,


එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල,


මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.


ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,


මා රැකවරණය ඔබ ය; දුක් දොම්නසින් ඔබ මා රක්නා සේක. විමුක්ති ගීත මා අවටින් මතු වෙයි.


මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.


එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.


මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.


සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!


ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,


සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.


ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.


මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්