Biblia Todo Logo
බයිබල් වචන

- දැන්වීම් -


ප්‍රවර්ගය

නො කලකිරෙනුආදරයමිත්රත්වයප්රශංසාව සහ නමස්කාරයඔයා බොන්නදෙමාපියන්ආශිර්වාද කරනවාමංගලසුවපහසුවඋපන් දිනයබලාපොරොත්තුවඑවැන්ජලිස්ත කරන්නඇදහිල්ලශක්තියඅවමංගල්යයයෞවනයන්විවාහයන්කාන්තාවන්මරණයළමයිපූජා කරනවායාච්ඤාවසමාවෙන්නගැලවීමසෞඛ්යයශුද්ධකමසදාකාල ජීවනයපුළුවන්දෙවියනේජේසුස් වහන්සේආත්මික යථාර්ථයඅවශ්‍ය වේලාවන්ආශිර්වාද කරන්නමැදිහත් වන්නනිරාහාරව සිටීමවිශේෂ දිනකෘතඥතාවකීකරුකමසියලුම අවස්ථාවන්දෙවියන්ගේ දේවල්ස්වභාවයසාමයප්රසිද්ධලස්සනයිඉරිදාවිශේෂ සිදුවීම්අමාත්‍යාංශඅමුත්තන්වේදනාව සහ දුෂ්කරතාප්රීතියදුෂ්ටකම් සහ ඇබ්බැහිවීම්අනාවැකියමුදල්ලිංගික තේමාපව්යුක්තියදුෂ්කර පදකටපාඩම් කරන්නජීවිතයේ අදියරයාච්ඤාවඉල්ලීම්විජිල්ස්ආරාධනාහුස්ම ගන්නනත්තල්විශ්වාසයආරක්ෂාවබයිබලානුකුල පොරොන්දුශුද්ධාත්මයාණන්පිළිම වන්දනාව

උප ප්‍රවර්ගය

මායා කර්ම සහ ආධ්‍යාත්මික වංචාසැන්ටෙරියා ආගමජ්‍යොතිෂය හා අනාවැකිනපුරු චාරිත්‍ර වලින් මිදෙන්නදෙවියන් විසින් ප්‍රතිමා ප්‍රතික්ෂේප කිරීමදෙවියන්ගේ අසිරිමත් බලය හා මායාවඅද්භූත ක්‍රියාවලට සම්බන්ධ අවදානම්ආත්ම සහ මාධ්‍යවේදීන්ගේ ව්‍යාජත්වයආත්ම අවදි කිරීමව්‍යාජ දෙවිවරුන් සහ පූජාසන විනාශ කිරීමව්‍යාජ අනාගතවක්තෘවරුන් සහ ඔවුන්ගේ වංචාමායාවේ ඇදීමෙන් මිදෙන්නේ කෙසේදකළු ගුරුකම් ප්‍රතික්ෂේප කිරීමමුළාවෙන් මිදෙමුමන්තර ගුරුකම්වල නිසරු බවදෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු, පිළිම වන්දනාවෙන් වැළකෙමගුප්ත විද්‍යාව තහනම්මිථ්‍යා විශ්වාස සහ ජ්‍යොතිෂ අනාවැකි වල රැවටීමදෙවියන්ගේ විනිශ්චය සහ අසත්‍ය දෙවිවරුදෙවියන් වහන්සේගේ වචනය සහ මායාවමිථ්‍යා විශ්වාස සහ මිත්‍යාවන්දෙවි පිළිම වලට කරන පූජාමිථ්‍යා විශ්වාස සහ චාරිත්‍රමිථ්‍යා දෙවිවරුන් සහ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කිරීමගුප්ත විද්‍යාවන්ආධ්‍යාත්මික බැඳීම් බිඳ දැමීමආත්ම විශ්වාසය රැවටීමව්‍යාජ දෙවිවරුන් හෙළිදරව් කිරීමආත්ම වන්දනාවේ මිථ්‍යාවයක්ෂ ආභරණ භාවිතයේ අනතුරමායා කර්මවලින් මිදෙමුමිථ්‍යා විශ්වාස පිළිබඳ රැවටීමසැන්ටෙරියා චාරිත්‍ර

95 දෙවියන් විසින් ප්‍රතික්ෂේප කරන ලද පිළිම පිළිබඳ වදන්

95 දෙවියන් විසින් ප්‍රතික්ෂේප කරන ලද පිළිම පිළිබඳ වදන්


යෙරෙමියා 50:2

ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 31:1

මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරු යූදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යූදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 20:23

මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 26:30

මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 78:58

මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 97:7

රූපවලට මෙහෙකරන්නාවූ, පිළිම ගැන පාරට්ටුකරගන්නාවූ සියල්ලෝ ලජ්ජාවෙත්වා. දෙවිවරු සියල්ලෙනි, උන්වහන්සේට නමස්කාරකරව්.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 10:11

මා විසින් සමාරියටත් එහි පිළිමවලටත් කළ ලෙස යෙරුසලමටත් එහි පිළිමවලටත් නොකරන්නෙම්දැයි කියන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 17:8

තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 11:12

එවිට යූදාහි නුවරවල්ද යෙරුසලමේ වැසියන්ද ගොස් ඔවුන් විසින් සුගන්ධ ද්‍රව්‍ය ඔප්පුකරන දෙවිවරුන්ට මොරගසනවා ඇත. නුමුත් ඔවුන්ගේ විපත්ති කාලයේදී ඒ දෙවිවරු කොහෙත්ම ඔවුන් ගළවන්නේ නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 36:18

මමද ඔවුන් දේශය පිට වැගිරෙවු ලේ නිසාත් ඔවුන් තමුන්ගේ රූපවලින් ඒක අපවිත්‍රකළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 10:26

තවද ඔව්හු බාල්ගේ ගෘහයේ රූප-කුළුනු, පිටතට ගෙනැවිත් පුලුස්සාදමා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 7:16

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 23:24

නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 8:10

මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 16:36

ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ ප්‍රේමවන්තයන් සමඟද නුඹේ සියලු පිළිකුල්වල රූප සමඟද නුඹ කළ වේශ්‍යාකම්වලිනුත් නුඹ ඒවාට දුන් නුඹේ දරුවන්ගේ ලේවලිනුත් නුඹේ මුදල් වියදම්වී නුඹේ නග්නභාවය පෙනුණු බැවින්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හොෂෙයා 8:4

ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හොෂෙයා 13:4

නුමුත් මම මිසර දේශයේ පටන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේව සිටිමි; මා ඇර අන්‍ය දෙවි කෙනෙකු ඇඳින නොගන්න, මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 31:6

බොරුවූ හිස්වූ දේ සලකන්නන්ට ද්වේෂකරමි. නුමුත් මම ස්වාමීන් කෙරෙහි විශ්වාස කරමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 15:12

ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 14:3

මක්නිසාද ඔහු අන්‍ය පූජාසනද උස් තැන්ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කණු කපාදැමුවේය;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 23:6

ඔහු අෂේරා පිළිමය ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අහක්කොට යෙරුසලමෙන් පිටත කිද්‍රොන් ඔයට ගෙන ගොස්, කිද්‍රොන් ඔය ළඟ පුලුස්සාදමා කුඩුකර, ඒ කූඩු පොදු සෙනඟගේ මිනීවළවල් උඩ විසුරුවා දැමුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 12:2-3

නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස නුඹේ සීමාව විශාලකළ කල්හි මස් කන්ට නුඹේ සිත ආශාවෙන නිසා: මම මස් කන්නෙමියි නුඹ කියන විට නුඹේ සිතේ මුළු ආශාව ලෙස මස් කන්ට පුළුවන.නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.එහෙත් ලේ නොකන්ට ප්‍රවේසම් වන්න. මක්නිසාද ලේ ප්‍රාණයය; එබැවින් නුඹ මාංසය සමඟ ප්‍රාණය නොකෑ යුතුය.නුඹ එය නොකා වතුර මෙන් එය භූමිය පිට වත්කළ යුතුය.ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් ශුභ සිද්ධවන පිණිස නුඹ එය නොකා සිටින්න.නුඹට තිබෙන නුඹේ ශුද්ධ දේවල්ද නුඹේ බාරවල්ද රැගෙන ස්වාමීන්වහන්සේ තෝරාගන්නාවූ ස්ථානයට පැමිණ,නුඹේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්න. නුඹේ යාග පූජාවල ලේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය නුඹට කන්නට පුළුවන.නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 20:18

මම කාන්තාරයේදී ඔවුන්ගේ දරුවන්ට කථාකොට: නුඹලාගේ පියවරුන්ගේ පනත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ විනිශ්චයන් නොපවත්වා, ඔවුන්ගේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 සාමුවෙ 7:3

සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 34:13

නුඹලා ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
දානියෙල් 3:18

එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 4:10

එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 12:2

නුඹලා අන්‍යදෘෂ්ටීන්ව සිටියදී යම්සේ ගෙන යනු ලැබුවහුද එලෙසම නුඹලා ගොළු දේවතාරූප වෙතට ගෙනයනු ලැබූබව නුඹලා දන්නහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 21:7

තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 රාජාවලිය 11:7

එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 44:8

නුඹලා සිඳදමනු ලබන හැටියටත්, පොළොවේ සියලු ජාතීන් අතරේ ශාප-වචනයක්ද නින්දාවක්ද වෙන හැටියටත්, නුඹලා පොරොත්තුව සිටීමට ආවාවූ මිසර දේශයේදී අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකිරීමෙන් නුඹලාගේ අත්වල ක්‍රියාවලින් කුමක් නිසා මා කෝපකරන්නහුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 28:2

ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 106:36

ඔව්හු ඔවුන්ගේ රූපවලට මෙහෙකළෝය, ඒවා මොවුන්ට මලපතක් විය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 48:11

මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 34:7

ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය–රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 16:4

ස්වාමීන් අත්හැර අන් දෙවිකෙනෙකු පිළිගන්නන්ගේ දුක් බෝවන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි, ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මීකා 1:7

එහි කැපූ රූප සියල්ල පොඩිකරනු ලබනවා ඇත, එහි පණයම් සියල්ලම ගින්නෙන් දවනු ලබනවා ඇත, එහි දේවරූප සියල්ලද නාස්තිකරන්නෙමි. මක්නිසාද ඈ වේශ්‍යාවෙකුගේ පණයම්වලින් ඒවා එක්කරගත්තාය; ඒවා වනාහි වේශ්‍යාවෙකුගේ පණයම්වලට හැරෙනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 18:4

ඔහු උස් තැන් පහකර, රූපස්තම්භ කඩා, අෂේරා කණු කපාදමා, මෝසෙස් විසින් සෑදූ පිත්තල සර්පයාත් කැබලිකොට දැමුවේය; මක්නිසාද ඒ දවස් දක්වා ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඊට සුවඳ දුම් ඔප්පුකළෝය; ඔහු ඊට නෙහුෂ්තාන්යයි නම් තැබුවේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 31:7

මක්නිසාද පාපයක් වන ලෙස නුඹලාගේ අත්වලින් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 ලේකම් 15:8

ආසා මේ වචනය ප්‍රොපේතවූ ඕදෙද්ගේ අනාගතවාක්‍යයද ඇසූ කල ධෛර්ය උපදවාගන, යූදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ ද්වාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනයද අලුත්වැඩියාකෙළේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 42:17

රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 45:16

දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 2:28

නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 10:14

සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මූඪව සිටිති; සියලු රන්කරුවෝද ඔවුන්ගේ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔහුගේ පිළිමය බොරුවක්ය,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හොෂෙයා 14:3

අෂූර් අප නොගළවන්නේය; අපි අසුන් පිට නැගී නොයන්නෙමුව. නුඹලා අපේ දෙවිවරුයයි අපේ අතින් සෑදූ දේට අපි තවත් නොකියන්නෙමුව. මක්නිසාද පියා නැත්තාට ඔබගෙන් අනුකම්පාව ලැබේයයි කියන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ආමොස් 5:26

එසේය, නුඹලාගේ රජුගේ මණ්ඩපයත් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ දේවරූපවූ කීයුන් වන නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් නුඹලා ගෙනගියහුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 57:13

නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 7:9

නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 20:3-5

මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 44:9

රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 46:1

බේල් පහත්වෙයි, නෙබෝ නැමෙයි; ඒවායේ රූප මෘගයින් පිටද සිව්පාවුන් පිටද තිබේ. නුඹලා විසින් ගෙනගිය ඒවා වෙහෙසවෙන මෘගයන් පිට බරක් කොට පටවා තිබේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 2:5

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 8:19

බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 10:3-5

මක්නිසාද ජනයන්ගේ චාරිත්‍ර නිෂ්ඵලය. එසේය, කෙනෙක් වනයෙන් ගහක් කපාගනිති; එය කම්කරුවාගේ අත්වලින් පොරවෙන් කරන වැඩක්ය.ඔව්හු ඒක රන් රිදීවලින් සරසා, නොසෙල්වෙන ලෙස ඇණවලින්ද මිටිවලින්ද සවිකරති.ඒවා තල්ගහක් මෙන් වටකුරුකර තිබේ. ඒවා කථාකරන්නේ නැත. අඩි තබායන්ට ඒවාට බැරි නිසා උසුලාගෙනම යන්ට ඕනෑය. ඒවාට භය නොවෙන්න; මක්නිසාද අනතුරු කරන්ට ඒවාට බැරිය, යහපත කිරීමද ඒවාට නැත.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙරෙමියා 10:15

ඒවා තුළ හුස්ම නැත. ඒවා නිෂ්ඵලකමය, මායාවේ වැඩක්ය. ඒවාට දඬුවම් කරන කාලයේදී ඒවා විනාශවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 6:4

නුඹලාගේ පූජාසන පාළුවන්නේය, නුඹලාගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. නුඹලාගේ මැරුම්කෑ අය නුඹලාගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 6:6

නුඹලාගේ පූජාසන පාළුවී, නාස්තිවී, නුඹලාගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, නුඹලාගේ සූර්යරූප කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත මැකීයන පිණිස, නුඹලාගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 14:6

එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–නුඹලා හැරී, නුඹලාගේ දේවරූප කෙරෙන් සිත හරවා, නුඹලාගේ සියලු පිළිකුල්කම්වලින් නුඹලාගේ මුහුණු හරවාගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 42:8

මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 30:22

නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 2:8

ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 34:17

වාත්තු දෙවිවරුන් සාදානොගන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 7:25

ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 7:5

එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 27:15

ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 12:3

ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 4:16

එබැවින් නුඹලාම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 19:4

රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ලෙවී කථාව 26:1

රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 32:16

ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 20:7

නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි ඔවුන්ට කීමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
එසකියෙල් 20:8

නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හොෂෙයා 4:17

එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නික්මයාම 23:13

මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.‍

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ද්විතීය නීතිය 4:15-16

ස්වාමීන්වහන්සේ හොරේබ්හි ගින්න මැද සිට නුඹලාට කථාකළ දවසේදී නුඹලා කිසි රූපාකාරයක් දුටුවේ නැත.එබැවින් නුඹලාම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 17:15

උන්වහන්සේගේ පනත්ද ඔවුන්ගේ පියවරුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුමද ඔවුන්ට උන්වහන්සේ දුන්නාවූ උන්වහන්සේගේ අවවාදවල්ද ඔවුන් එපාකර, නිස්සාරකම අනුව ගොස්, නිස්සාරකම් කරමින්, ඔවුන් වටකර සිටි ජාතීන් මෙන් නොකරන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණ කළ නුමුත්, ඒ ජාතීන් අනුව ගියෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
2 රාජාවලිය 21:11

යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 96:5

මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 115:4-5

ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය.ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ගීතාවලිය 135:15-18

ජාතීන්ගේ රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ අත් වැඩය.ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;කන් ඇත, එහෙත් නොඅසති; ඒවායේ කටවල හුස්මත් නැත.ඒවා සාදන්නොත්, එසේය, ඒවා කෙරෙහි විශ්වාසකරන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 2:20

පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 57:5

අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 යොහන් 5:21

මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 තෙසලෝනික 1:9

එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 10:14

එහෙයින් මාගේ ප්‍රේමවන්තයෙනි, රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හොෂෙයා 13:2

දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මීකා 5:13

නුඹේ දේව රූපද නුඹේ රූපස්තම්භද නුඹ වෙතින් සිඳදමන්නෙමි; නුඹද නුඹේ අත්වල වැඩයට තවත් නමස්කාර නොකරන්නෙහිය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
නාහුම් 1:14

[අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
හබක්කුක් 2:18

කැපූ රූපය සාදන්නා විසින් ඒක කැපූ නිසා රූපයෙන්වත්, ගොළු රූප සාදන්නා ඒවා සාදමින් තමාගේ වැඩ කෙරෙහි විශ්වාසකරන නිසා වාත්තු පිළිමයෙන්වත්, බොරු උගන්වන්නාගෙන්වත් ඇති ප්‍රයෝජනය මොකද?

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
සෙකරියා 13:2

තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
මතෙව් 6:24

ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
ක්‍රියා 17:29

එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
රෝම 1:23

ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
1 කොරින්ති 8:4

ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න
යෙසායා 66:3

ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.

පරිච්ඡේදය   |  අනුවාද පිටපත් කරන්න

උප ප්‍රවර්ගය

මායා කර්ම සහ ආධ්‍යාත්මික වංචාසැන්ටෙරියා ආගමජ්‍යොතිෂය හා අනාවැකිනපුරු චාරිත්‍ර වලින් මිදෙන්නදෙවියන් විසින් ප්‍රතිමා ප්‍රතික්ෂේප කිරීමදෙවියන්ගේ අසිරිමත් බලය හා මායාවඅද්භූත ක්‍රියාවලට සම්බන්ධ අවදානම්ආත්ම සහ මාධ්‍යවේදීන්ගේ ව්‍යාජත්වයආත්ම අවදි කිරීමව්‍යාජ දෙවිවරුන් සහ පූජාසන විනාශ කිරීමව්‍යාජ අනාගතවක්තෘවරුන් සහ ඔවුන්ගේ වංචාමායාවේ ඇදීමෙන් මිදෙන්නේ කෙසේදකළු ගුරුකම් ප්‍රතික්ෂේප කිරීමමුළාවෙන් මිදෙමුමන්තර ගුරුකම්වල නිසරු බවදෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමු, පිළිම වන්දනාවෙන් වැළකෙමගුප්ත විද්‍යාව තහනම්මිථ්‍යා විශ්වාස සහ ජ්‍යොතිෂ අනාවැකි වල රැවටීමදෙවියන්ගේ විනිශ්චය සහ අසත්‍ය දෙවිවරුදෙවියන් වහන්සේගේ වචනය සහ මායාවමිථ්‍යා විශ්වාස සහ මිත්‍යාවන්දෙවි පිළිම වලට කරන පූජාමිථ්‍යා විශ්වාස සහ චාරිත්‍රමිථ්‍යා දෙවිවරුන් සහ ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කිරීමගුප්ත විද්‍යාවන්ආධ්‍යාත්මික බැඳීම් බිඳ දැමීමආත්ම විශ්වාසය රැවටීමව්‍යාජ දෙවිවරුන් හෙළිදරව් කිරීමආත්ම වන්දනාවේ මිථ්‍යාවයක්ෂ ආභරණ භාවිතයේ අනතුරමායා කර්මවලින් මිදෙමුමිථ්‍යා විශ්වාස පිළිබඳ රැවටීමසැන්ටෙරියා චාරිත්‍ර
අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්