Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 14:3 - Sinhala Revised Old Version

3 අෂූර් අප නොගළවන්නේය; අපි අසුන් පිට නැගී නොයන්නෙමුව. නුඹලා අපේ දෙවිවරුයයි අපේ අතින් සෑදූ දේට අපි තවත් නොකියන්නෙමුව. මක්නිසාද පියා නැත්තාට ඔබගෙන් අනුකම්පාව ලැබේයයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 අප ගළවන්න අසිරියාවට නොහැකි ය: යුද්ධ රථ වාහනවලට අප ආරක්ෂා කළ නොහැකි ය. මින්පසු කිසි කලෙක අතින් තැනූ දේව රූප අමතා, ‘ඔබ අපේ දෙවියෝ ය’යි නොකියමු. ස්වාමීනි, අනාථ අයට ඔබ වහන්සේ දයානුකම්පාව දක්වන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 14:3
36 හුවමාරු යොමු  

ස්වකීය ශුද්ධ නිවාසයෙහි වැඩවසන දෙවියන්වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද වනසේක.


ඔබ එය දුටුසේක; මක්නිසාද ස්වකීය හස්තයෙන් විපාකදෙන පිණිස ඔබ නපුරුකම සහ වෛරය දෙස බලනසේක. අසරණ තැනැත්තේ ඔබට භාරවෙයි; ඔබ පියා නැත්තාගේ උපකාරකාරයාණෝ වූසේක.


එප්‍රායිම්ද: දේවරූපවලින් මට තවත් කම මොකදැයි කියනවා ඇත. මමම ඔහුට උත්තරදුනිමි, ඔහු සලකන්නෙමි. මම වනාහි කොළ නොවේලෙන දේවදාර ගසක් මෙන්ය; නුඹේ ඵල ලැබී තිබෙන්නේ මාගෙන්ය.


එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.


මක්නිසාද මම බාල් දේවතාවුන්ගේ නාම ඇගේ කටින් පහකර දමන්නෙමි, ඒ දේවතාවෝ ඔවුන්ගේ නාමයෙන් තවත් කියනු නොලබන්නෝය.


ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙස බලන්නේවත් ස්වාමීන්වහන්සේ සොයන්නේවත් නැතුව උපකාර පිණිස මිසරයට යන්නාවූ, අශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නාවූ, රථ බොහෝ නිසා ඒවා කෙරෙහිද අසරුවන් ඉතා බලවත් නිසා ඔවුන් කෙරෙහිද විශ්වාසකරන්නාවූ අයවලුන්ට දුක්වේ! නුමුත් උන්වහන්සෙත් ප්‍රඥාවන්තසේක;


එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.


ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.


නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.


එප්‍රායිම් සුළං කන්නේය, පෙරදිග සුළං පස්සේද එළවාගන යන්නේය. ඔහු බොරු සහ බලාත්කාරකම නිරතුරුම වැඩිකරන්නේය; ඔව්හු අෂූර් සමඟ ගිවිසුමක් කරති, මිසරයට තෙල් ගෙනයති.


මක්නිසාද ඔව්හු තනියම සිටින වල් කොටළුවෙකු මෙන් අෂූර්ට ගියෝය. එප්‍රායිම් ප්‍රේමවන්තයන් කුලියට ගත්තේය.


මක්නිසාද මේකත් ඉශ්‍රායෙල්වරුන්ගෙන්ය; ඒක සෑදුවේ කම්කරුවෙක්ය, ඒක දෙවියන්වහන්සේ නොවේ. එසේය, සමාරියේ වස්සා කැබෙලිකරනු ලබන්නේය.


එප්‍රායිම් අනුවණ පරෙවියෙකු මෙන් සිතක් නැතුව සිටින්නේය. ඔව්හු මිසරයට අඬගසති, අෂූර්ට යති,


ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


නුඹලා පිරිසිදුවන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින්ද නුඹලාගේ සියලු දේවරූපවලින්ද නුඹලා පිරිසිදුකරන්නෙමි.


ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


මිසරවරු දෙවියන්වහන්සේ නොව මනුෂ්‍යයෝ පමණක්ය; ඔවුන්ගේ අශ්වයෝද ආත්මය නොව මාංසයය. ස්වාමීන්වහන්සේ තමන් අත දිගුකරනවිට උපකාරකරන්නා පැකිලෙන්නේය, උපකාර ලබන්නාද වැටෙන්නේය, ඔව්හු සියල්ලෝම එක්ව නාස්තිවන්නෝය.


ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.


පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,


මක්නිසාද නුඹලා ආශාවූ අලෝන ගස් නිසා ඔව්හු ලජ්ජාවන්නෝය, නුඹලා තෝරාගත් උයන් නිසා නුඹලා වියවුල්වන්නහුය.


ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.


අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.


එකල්හි හනානි නම් දිවස් ඇත්තා යූදාහි රජවූ ආසා ළඟට අවුත් කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹ විශ්වාසය නොතබා සිරියේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියේ රජුගේ සේනාව නුඹේ අතින් ගැළවී ගියාය.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ පියා නැති දරුවන් අත්හරින්න, මම ඔවුන් පණපිටින් ආරක්ෂාකරන්නෙමි; නුඹේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාසකරත්වා.


මාගේ සෙනඟ තමුන්ගේ දණ්ඩෙන් විභාගකරති, ඔවුන්ගේ සැරයටියද ඔවුන්ට දන්වන්නේය. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් මුළාකෙරෙවුවේය, ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේ කෙරෙන් වෙන්ව ගොස් වේශ්‍යාකම් කළෝය.


දැන් ඔවුන් තව තව පව්කරමින්, පිළිම වන දේවරූප තමුන්ගේ ඥානයේ හැටියට තමුන්ගේ රිදීවලින් සාදාගන තිබේ, ඒ සියල්ල කම්කරුවාගේ වැඩය. පූජාකරන මනුෂ්‍යයෝ වස්සන් සිඹගනිත්වයි ඔව්හු ඒවා ගැන කියති.


ස්වාමීන්වහන්සේ මත්ස්‍යයාට කථාකලසේක, එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්