Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 1:14 - Sinhala Revised Old Version

14 [අෂූරියයා,] නුඹ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය. මම නුඹේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, නුඹ නීච නිසා නුඹේ මිනීවළ පිළියෙළකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: “ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 අසිරියන්වරුන් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේගේ නියෝගය මෙය වේ: “ඔවුන්ගේ නාමය තවත් ඉතිරි නොවන්නේ ය. ඔවුන්ගේ දේවාලවල ඇති කැපූ රූප හා වාත්තු පිළිම මම විනාශ කර දමන්නෙමි. ඔවුන් නීච නිසා ඔවුන්ගේ මිනී වළ මම පිළියෙළ කරන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 1:14
21 හුවමාරු යොමු  

ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.


නුඹේ දේව රූපද නුඹේ රූපස්තම්භද නුඹ වෙතින් සිඳදමන්නෙමි; නුඹද නුඹේ අත්වල වැඩයට තවත් නමස්කාර නොකරන්නෙහිය.


ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.


තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.


ඔහුගේ ස්ථානයෙහි නීචයෙක් නැගිටින්නේය; ඔහුට රජකමේ ගෞරවය නුදුන් නුමුත් ඔහු හදිසියෙන් පැමිණ, ඉච්චාවලින් රාජ්‍යය ලබාගන්නේය.


ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


දුර සිටින්නෙනි, මා කළ දේ අසන්න; ළඟ සිටින්නෙනි, මාගේ බලපරාක්‍රමය දැනගන්න.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


මා නිතරම යන පිණිස මට පර්වත නිවාසයක් වුව මැනව. මා ගළවන්ට ඔබ අණ දී තිබේ; මක්නිසාද මාගේ පර්වතය හා බලකොටුවත් ඔබය.


එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය.


ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි.


මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල් ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.


මම නුඹේ අෂේරා කණු නුඹ වෙතින් උදුරාදමා, නුඹේ නුවරවල් විනාශකරන්නෙමි.


බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය.


තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්