Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 8:4 - Sinhala Revised Old Version

4 ඉතින් දේවතාවන්ට පුදනලද කෑම ගැන වනාහි, දේවතාවෙක් ලෝකයෙහි කිසිත් නැති බවත්, එකම දෙවිකෙනෙක් මිස අන් දෙවිකෙනෙක් නැති බවත් දනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 8:4
33 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව නුඹේ සිතේ තබා ගන්න.


බලව, නුඹලා කිසිත් නැතිකමය, නුඹලාගේ ක්‍රියාවත් හිස්කමය. නුඹලාව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.


මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය.


සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන්වහන්සෙත්ය.


එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.


යේසුස්වහන්සේ උත්තරදෙමින්: ප්‍රධාන එක නම්–අහෝ ඉශ්‍රායෙල්, අසන්න; අපේ දෙවියන්වහන්සේ ස්වාමීන්වහන්සේය උන්වහන්සේ එකම (දෙවියන්වහන්සේ)ය.


නුඹේ මිදුම්කාරයාවූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමිවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.


ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්.


මක්නිසාද දැනුම ඇත්තාවූ නුඹ දේවාලයක කන්ට හිඳගන ඉන්නවා යමෙක් දුටුවොත්, ඔහු දුර්වල නම්, දේවතාවන්ට පුදනලද දේ කන්ට ඔහුගේ හෘදය සාක්ෂිය ධෛර්ය නොවන්නේද?


දේවතාවන්ට පුදනලද දේවල් ගැනය. අප සියල්ලන්ටම ඥානය ඇති බව දනිමුව. ඥානය උඩඟුකම උපදවයි, නුමුත් ප්‍රේමය වැඩ සිද්ධකරයි.


මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.


මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.


සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මූඪව සිටිති; සියලු රන්කරුවෝද ඔවුන්ගේ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔහුගේ පිළිමය බොරුවක්ය,


නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.


ස්වාමීන්වහන්සේ කියනසේක්: මිසරයේ සම්පත්ද කූෂ්හි ලාභයද උස ඇති මනුෂ්‍යයෝවූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිතිවන්නෝය; ඔව්හු නුඹ පස්සේ එන්නෝය; ඔව්හු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ: සැබවින්ම නුඹ වෙත දෙවියන්වහන්සේ සිටිනසේක; උන්වහන්සේ ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව්කරන්නෝයයි කියනසේක.


මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.


කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


එසේ නුඹට පෙන්වනලද්දේ ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය.


අහෝ, ස්වාමීවූ දෙවියන්වහන්ස, ඔබගේ උතුම්කමද බලවත් හස්තයද ඔබගේ මෙහෙකරුවාට පෙන්වන්ට ඔබ පටන්ගත්සේක. මක්නිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපරාක්‍රමයේද හැටියට කරන්ට පුළුවන් වෙන මොන දෙවිකෙනෙක් ස්වර්ගයෙහිවත් පොළොවෙහිවත් ඇත්තේද?


ඉඳින් අමරණීයවූ, අදෘශ්‍යමානවූ, එකම දෙවිවූ, සදාකාල රජ්ජුරුවන්වහන්සේට ගෞරවයද තේජසද සදාකාලේටම වේවා. ආමෙන්.


මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.


රූප සම්බන්ධ දුෂ්‍යකම්වලින්ද වේශ්‍යාකමින්ද බොටුව මිරිකා මැරු සතුන්ගෙන්ද ලෙයින්ද වලකින ලෙස ඔවුන්ට ලියා ඇරීම යුතුය යනු මාගේ තීරණය වේ.


මෙසේ ඒ සහෝදරයා නිසා ක්‍රිස්තුස්වහන්සේ මළ නුමුත්, දුර්වලවූ ඔහු නුඹේ දැනගැන්මෙන් විනාශවෙයි.


එසේවී නුමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්