Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 15:12 - Sinhala Revised Old Version

12 ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 15:12
14 හුවමාරු යොමු  

තමාගේ පියවූ ආසාගේ දවස්වල ඉතුරුවුණ සොදොමියයන් ඔහු දේශයෙන් සිඳදැමුවේය.


එසේ සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද මොවුන් සේම තුමූම වේශ්‍යාකමට භාරවී, අන්‍ය මාංසය පස්සේ ගොස්, සදාකාල ගින්නේ දඬුවම විඳිමින්, අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ සිටිති.


මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,


ඔහුද තමාගේ පියා තමාට පළමුවෙන් කළ සියලු පාපවල හැසුරුණේය. ඔහුගේ සිතද ඔහුගේ පියවූ දාවිත්ගේ සිත මෙන් ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.


ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)


ස්වාමීන්වහන්සේගේ ගෘහය ළඟ තිබුණාවූ සොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය.


එකල ඒදොම්හි රජෙක් නොවීය. යුව රජෙක් රජකම්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්