2 කොරින්ති 2:9 - සිංහල කාලීන පරිවර්තනය මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය. Sinhala New Revised Version මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය. Sinhala New Revised Version 2018 මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය. Sinhala Revised Old Version තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය. |
මා ඔබට ලියා එවුවේ මා පැමිණි කල, මා සොම්නස් කරන්නට යුතු වූවන් වෙතින්ම මා වේදනාවට පත් නො වන පිණිස ය. මන්ද මාගේ ප්‍රීතිය, ඔබ හැමගේත් ප්‍රීතිය වන බවට ඔබ හැම ගැන නිසැක හැඟීමක් මට තිබිණි.
මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.
මන්ද පීඩාවේ උග්‍ර පරීක්ෂා මැද ඔවුන්ගේ අධික ප්‍රීතියත්, ඔවුන්ගේ අන්ත දුගීභාවය මැද උතුරා යන ත්‍යාගශීලිත්වයේ ධනවත්කමත් ඔවුන්ට ඇත.
එබැවින් ඔබගේ ප්‍රේමයේ සාක්ෂියත්, ඔබ ගැන අපගේ පාරට්ටුවත් සභා ඉදිරියේ මේ මිනිසුන්ට ඔප්පු කර පෙන්වන්න.
එබැවින්, හැම විට ඔබ කීකරුව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත්ව සිටියදී වඩා කීකරුව, බයින් හා වෙවුලුමෙන් යුතුව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න.
එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ.
මෙම ලිපියෙන් අප දෙන උපදෙස්වලට යමකු කීකරු වන්නේ නැතිනම්, එවන් තැනැත්තේ හඳුනාගෙන, ඔහු ලජ්ජාවට පත් වන පිණිස, ඔහු හා ඇසුරින් ඈත් වන්න.
ඔබගේ කීකරුකම ගැන වූ විශ්වාසයෙන්, මා ඔබට ලියන්නේ, මා කියනවාටත් වඩා වැඩියෙන් ඔබ කරන වග දැනගෙන ය.