Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 2:4 - සිංහල කාලීන පරිවර්තනය

4 මන්ද හදවතේ දැඩි පීඩනයකින් හා සන්තාපයෙන් ද නෙතේ පිරි කඳුළින් ද යුතුව මා ඔබට ලියුවේ, ඔබ වේදනාවට පත් කිරීමට නො ව, ඔබට ඇති මගේ ප්‍රේමය කොතරම් අධිකදැයි ඔබ දැනගන්නා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මහා දුකින් ද සිත් තැවුලින් ද කඳුළු සලමින් ද මා ඔබට ලිව්වේ, ඔබට සිත් වේදනා දීමට නොව ඔබට ඇති මාගේ ප්‍රේමය කෙතරම් අධික දැ යි ඔබ වටහාගන්නා පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මක්නිසාද බොහෝ දුක්වලින්ද හෘදය වේදනාවෙන්ද බොහෝ කඳුළෙන්ද යුක්තව නුඹලාට ලිවීමි. එසේ කළේ නුඹලා ශෝකයට පත්කරන්ට නොව නුඹලා කෙරෙහි ඇත්තාවූ මාගේ ඉතා මහත් ප්‍රේමය නුඹලා විසින් දැනගන්නා පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 2:4
12 හුවමාරු යොමු  

මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබටම එළිදරවු වීම සඳහා ය.


මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතුව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන්ව ජීවත් වන බවයි.


එබැවින් ඔබගේ ආත්ම උදෙසා දැඩි සොම්නසින් මම වැය වන්නෙමි; වැය කරනු ලබන්නෙමි. මා ඔබට වඩාත් ප්‍රේම කරන්නෙම් නම්, මා අඩුවෙන් ප්‍රේම කරනු ලබන්නෙම් ද?


නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.


මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්