Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 2:10 - සිංහල කාලීන පරිවර්තනය

10 ඔබ යමකුට කමා වන්නේ නම්, මමත් ඔහුට කමා වෙමි. මා එසේ කමා වී නම්, කමා වී ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 යම් කරුණක් නිසා යමෙකුට ඔබ කමා වන්නහු නම්, මම ද කමා වෙමි. මා එසේ කමා වී ඇත්නම්, කමා වී ඇත්තේ, ක්‍රිස්තුන් වහන්සේ අබිමුවෙහි ඔබ උදෙසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නුඹලා යමෙකුට යමක් ගැන කමාවෙනවා නම් මමත් කමාවෙමි. මම යමක් ගැන කමාවීම් නම්, එසේ කමාවී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 2:10
7 හුවමාරු යොමු  

එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මඟින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු.


යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ එක්රැස් වන කල, මා ද මාගේ ආත්මයෙන් ඔබ සමඟ සිටියදී, යේසුස් අප ස්වාමින්වහන්සේගේ බලයෙන් යුතුව


ඔබ යම් කෙනකුගේ පාප කමා කරන්නේ ද, ඔවුන්ට කමා කරනු ලබන්නේ ය; ඔබ යම් කෙනකුට කමා නො කරන්නේ ද, ඒවා කමා කරනු නො ලබන්නේ යැ” යි පැවසූ සේක.


“සැබවින් ම මම ඔබට කියන්නම්; පොළොවේදී ඔබ යමක් බඳින්නේ ද, ස්වර්ගයේදී එය බඳිනු ලැබේ; පොළොවේදී ඔබ යමක් මුදන්නේ ද, ස්වර්ගයේදී එය මුදනු ලැබේ.


මන්ද, “අන්ධකාරයෙන් ආලෝකය බැබළෙනු” යි කී දෙවියන්වහන්සේම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණෙන් දෙවියන්වහන්සේගේ තේජස දැනගැන්ම නැමති ආලෝකය අප හදවත්හි බැබළවූ සේක.


පවිත්‍රතාවෙනි; අවබෝධයෙනි; ඉවසීමෙනි; කාරුණික වීමෙනි; ශුද්ධාත්මයාණන්ගෙනි; අව්‍යාජ ප්‍රේමයෙනි;


ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්