Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 කොරින්ති 8:24 - සිංහල කාලීන පරිවර්තනය

24 එබැවින් ඔබගේ ප්‍රේමයේ සාක්ෂියත්, ඔබ ගැන අපගේ පාරට්ටුවත් සභා ඉදිරියේ මේ මිනිසුන්ට ඔප්පු කර පෙන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එහෙයින් නුඹලාගේ ප්‍රේමයේද නුඹලා ගැන අපේ පාරට්ටුවේද ඔප්පුව ඔවුන්ට සභාවන් ඉදිරියෙහිදී පෙන්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:24
5 හුවමාරු යොමු  

මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත බය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.


ඔබ ගැන මා ඔහුට කර තිබූ පාරට්ටුව මා ලජ්ජාවට පත් කොට නැත. තවද අප ඔබට කී ලෙස සියල්ල සැබෑ වී, තීතස් ඉදිරියේ අප කළ පාරට්ටුව ද සත්‍යය වග ඔප්පු වී ඇත.


ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්තව සිටිමි.


මා ඔබට අණ කරනවා නො වේ. අන් අයගේ දැඩි උනන්දුව සසඳමින්, ඔබේ ප්‍රේමයේ අව්‍යාජත්වය පරීක්ෂා කර බලනවා පමණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්