1 යොහන් 2:24 - සිංහල කාලීන පරිවර්තනය මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතීවා; මුල පටන් ඔබ ඇසූ දෑ ඔබ තුළ පවතිනවා නම්, එවිට ඔබ පුත්‍රයාණන්වහන්සේත්, පියාණන්වහන්සේත් තුළ පැවත සිටී. Sinhala New Revised Version ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය. Sinhala New Revised Version 2018 ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය. Sinhala Revised Old Version නුඹලා පටන්ගැන්මේ සිට ඇසූදේම නුඹලා තුළ පවතීවා. පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ දේ නුඹලා තුළ පවතී නම්, නුඹලාත් පුත්‍රයාණන්වහන්සේද පියාණන්වහන්සේද තුළ පවතින්නහුය. |
“මේ වචන ඔබේ කන් පතුළට බසිත්වා. මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ඇතැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරනවා නම්, ඔහු මගේ වචන පිළිපදියි. මගේ පියාණන්වහන්සේ ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙත පැමිණ, ඔහු සමඟ වාසය කරන්නෙමු.
ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.
මාගේ මාංසය ආහාරයට ගන්නා තැනැත්තා, මාගේ රුධිරය පානයට ගන්නා තැනැත්තා, මා තුළ පවතී. මමත් ඔහු තුළ පවතින්නෙමි.
“ඔබ කවුරු දැ?” යි ඔවුහු ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මුල පටන්ම මා ඔබට කී දේයි.
තවද පිලිප්පිවරුන් වූ ඔබ දන්නා පරිදි, ශුභාරංචියේ මුල් දවස්වලදී, මා මකිදෝනියෙන් පිටත්ව යන කල, ඔබ හැර අන් එකදු සභාවක් ගැනීමෙන් හා දීමෙන් මා හා බෙදා හදා ගත්තේ නැත.
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.
එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.
මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.
අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.
එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.
ප්‍රේමණීයයනි, මා ඔබට අලුත් ආඥාවක් ලියනවා නො වේ. මුල පටන්ම ඔබට තිබූ පැරණි ආඥාවකි. මෙම පැරණි ආඥාව ඔබ අසා ඇති වචනයයි.
උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.
අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි.
යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බැව් පිළිගන්නා තුළ දෙවියන්වහන්සේ ද උන්වහන්සේ තුළ ඔහු ද පැවත සිටියි.
මෙසේ අපි, අප වෙත ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනගැනීමට හා විශ්වාසයට පැමිණ ඇත්තෙමු. දෙවියන්වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයේ පැවත සිටින්නා දෙවියන්වහන්සේ තුළ පැවත සිටියි; දෙවියන්වහන්සේ ඔහු තුළ පැවත සිටින සේක.
ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නො පැවත, ඉන් එහාට යන කිසිවකු සමඟ දෙවියන්වහන්සේ නැත. ඒ ඉගැන්වීමෙහි පැවත සිටින්නාට පියාණෝ ද පුත්‍රයාණෝ ද සිටින්නාහ.
මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි.
“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.
එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කරගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.