Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 15:7 - සිංහල කාලීන පරිවර්තනය

7 ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබ මා තුළ සිටින්නහු නම්, මාගේ වචන ඔබ තුළ පවතී නම්, ඔබ කැමැති දෙයක් අයැදින්න; එය ඔබට දෙනු ලැබේ;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 15:7
24 හුවමාරු යොමු  

උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි.


මගේ නමින් ඔබ මොන යම් දෙයක් ඉල්ලුවත්, පුත්‍රයාණන් තුළ පියාණන්වහන්සේ ගෞරවයට පැමිණෙනු පිණිස, මම එය ඉටු කරමි.


එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.


ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය.


“ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ.


එදාට ඔබ මගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ නාමයෙන් මගේ පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ එය ඔබට දෙන සේක.


එබැවින් මා ඔබට කියන්නේ, ආත්මයාණන්වහන්සේ මඟින් හැසිරෙන්න කියායි. එවිට ඔබ, මාංසයේ ආශා පිනවන්නේ නැත.


එහෙත් උන්වහන්සේගෙන් ඔබ ලැබූ ආලේපය ඔබ තුළ පැවත සිටී; එනිසා අන් කෙනකුගේ ඉගැන්වීමක් ඔබට අවශ්‍ය නැත. උන්වහන්සේගේ ඒ ආලේපය, හැම දෙයක් ගැනම ඔබට උගන්වන ලෙස, එය සත්‍යය ය; බොරුවක් නො වේ; එය ඔබට ඉගැන්වූ පරිදි උන්වහන්සේ තුළ පැවත සිටින්න.


මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, ඔබ, පියාණන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ පියවරුනි, ඔබ, මුල පටන් සිටින තැනැන්වහන්සේ හඳුනාගෙන සිටින බැවිනි. මා ඔබට ලියන්නේ තරුණයිනි, ඔබ ශක්තිමත් නිසාත්, දෙවියන්වහන්සේගේ වචනය ඔබ තුළ වාසය කරන නිසාත්, ඔබ, නපුරා පරදා, ජය ගෙන ඇති නිසාත් ය.


ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත.


ඔහුගේ පියා නියම කළ කාලය තෙක් ඔහු භාරකරුවනට හා ඇපකරුවනට යටත් ය.


තමන් තුළ විශ්වාස කළ යුදෙව්වන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මාගේ ගෝලයෝයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්