Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 යොහන් 1:9 - සිංහල කාලීන පරිවර්තනය

9 ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නො පැවත, ඉන් එහාට යන කිසිවකු සමඟ දෙවියන්වහන්සේ නැත. ඒ ඉගැන්වීමෙහි පැවත සිටින්නාට පියාණෝ ද පුත්‍රයාණෝ ද සිටින්නාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මයෙහි නොපැවතී, එයින් පිට පැන යන්නා, දෙවියන් වහන්සේ නැති ව ජීවත් වන්නෙකි. ඒ ධර්මයෙහි පවතින්නා පියාණන් වහන්සේ ද පුත්‍රයාණන් වහන්සේ ද ඇති ව ජීවත් වන්නෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 යොහන් 1:9
15 හුවමාරු යොමු  

ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතුව ඉසුරුමත්ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතුව ගායනා කරන්න.


අප ඇසූ, අප දුටු ඒ දෑ අප ඔබට ප්‍රකාශ කරන්නේ, ඔබත් අප සමඟ පංගුකාර වන පිණිස ය. අපේ පංගුකාරකම පියාණන්වහන්සේ සමඟ හා උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ය.


ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.


සොරකම් නො කරන, සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි බව පෙන්නුම් කරන්නන් විය යුත්තේ හැම අයුරින්ම අප ගැලවුම්කාර දෙවියන්වහන්සේගේ ඉගැන්වීම ඔවුන් මඟින් බැබළෙන පිණිස ය.


මා තුළ නො රඳන කවරකු වුවත් ඉවත හෙළනු ලැබ, වියළී යන අත්තක් වැන්න. එවැනි අතු එකතු කර, ගින්නේ හෙළා දමනු ලැබ, දවා දමනු ලැබේ.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම ය; මා මඟින් මිස, කිසිවකු පියාණන්වහන්සේ වෙත එන්නේ නැත.


එසේ කර ඇත්තේ, සියලු දෙනා වෙතින් පියාණන් ලබන ගෞරවයම පුත්‍රයාත් ලබන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නො කරන්නා, ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව කරන්නේ නැත.


“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ආරම්භක ඉගැන්වීම් පසු කොට, එහි පරිණත තත්වයට යා යුත්තේ, එහි අත්තිවාරම් නැවත දැමීමෙන් තොරව ය; එනම් මළ ක්‍රියා ගැන පසුතැවීම, දෙවියන්වහන්සේ වෙත ඇදහීම,


මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.


“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.


තමන් තුළ විශ්වාස කළ යුදෙව්වන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මාගේ ගෝලයෝයි.


මා සභාවට ලියා යැවූ නමුදු මූලිකයා වීමට කැමති දියෝත්‍රපස් අප නො පිළිගනී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්