Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 යොහන් 4:13 - සිංහල කාලීන පරිවර්තනය

13 අප උන්වහන්සේ තුළ ද උන්වහන්සේ අප තුළ ද පැවත සිටින වග අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේ ස්වකීය ආත්මයාණන් අපට දී ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 4:13
11 හුවමාරු යොමු  

දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත්ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය.


දෙවියන්වහන්සේගෙන් ඔබ ලද, ඔබ තුළ වෙසෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාලිගාව, ඔබේ ශරීරය බව ඔබ දන්නේ නැති ද? ඔබ, ඔබටම අයිති නැත.


අප උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ ඇති වග, අප දැනගන්නේ මෙයින් ය; එනම් අප උන්වහන්සේගේ ආඥා පිළිපදිනවා නම් ය.


එහෙත් උන්වහන්සේගේ වචනය පිළිපදින යම් කෙනකු වේ ද, සැබවින් ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ කෙරේ. අප උන්වහන්සේ තුළ සිටිනා වග සහතිකයෙන් දැනගන්නේ එලෙසිනි.


උන්වහන්සේගේ ආඥා පිළිපදින්නෝ, උන්වහන්සේ තුළ පැවත සිටිති. උන්වහන්සේ ද ඔවුන් තුළ පැවත සිටිති. උන්වහන්සේ අප තුළ පැවත සිටින බව අප දැනගන්නේ මෙයිනි; උන්වහන්සේම අපට දුන් ආත්මයාණන්වහන්සේ මඟිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්