Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 3:11 - සිංහල කාලීන පරිවර්තනය

11 “මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මම වහා ම එමි. ඔබේ කිරුළ කිසිවෙකු පැහැර නොගන්න ලෙස, ඔබ සතු දෙය තදින් අල්ලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මම වහා ම එමි. ඔබේ කිරුළ කිසිවෙකු පැහැර නොගන්න ලෙස, ඔබ සතු දෙය තදින් අල්ලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 3:11
19 හුවමාරු යොමු  

පරීක්ෂා මැද නො සැලී ස්ථිරව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.


“මෙන්න! මම ඉක්මනින් එමි! හැම කෙනෙක්ම කළ කළ දේ අනුව ඔවුන්ට විපාක දෙන පිණිස, මගේ විපාක මා ළඟ ඇත.


ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිරගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්තව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි.


ඔබට ඇති දෑ මා එන තුරු තදින් අල්ලාගෙන සිටින්න.’


එබැවින් දැන්, ධර්මිෂ්ඨකමේ ජයග්‍රාහී ඔටුන්න මා උදෙසා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ඒ දවසේ එය මට ප්‍රදාන කරනු ඇත. මට පමණක් නො ව, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, අභිරුචියෙන් බලා සිටින හැමටත් ය.


තරඟ නීතිවලට අනුව තරඟ වැදුණොත් මිස, ක්‍රීඩකයකු කිරුළ දිනන්නේ නැත.


මේ දෑ ගැන සාක්ෂි දෙන තැනැත්තාණෝ, “සත්තකින්ම, මම ඉක්මනින් එමි” යි කියන සේක. ආමෙන්! යේසුස් ස්වාමින්වහන්ස, එන්න!


මෙම දිවැස්වැකියේ වචන හඬ නගා කියවන්නා භාග්‍යවත් ය. එය අසන්නන් ද එහි ලියනු ලැබ ඇති දෑ රක්ෂා කරන්නන් ද භාග්‍යවත් ය. මන්ද කාලය ආසන්න ය.


වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,


හැම මලල ක්‍රීඩකයෙක්ම හැම දෙයකදීම ආත්ම සංයමය අභ්‍යාස කරයි. ඔවුන් එය කරන්නේ දිරා යන ඔටුන්නක් ලබන පිණිස ය. එහෙත් අප මෙය කරන්නේ සදා පවතින ඔටුන්නක් ලබන්නට ය.


එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කරගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරෙකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.


ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ.


“ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මාගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හිදීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත.


“මෙන්න! මම ඉක්මනින් එමි! මේ පොතේ දිවැස් වැකි වචන රක්ෂා කරන්නා භාග්‍යවත් ය.”


සහෝදරයිනි ඔබ විනිශ්චය කරනු නො ලබන පිණිස, එකිනෙකාට එරෙහිව මැසිවිලි නො නගන්න. මෙන්න! විනිසුරුවාණෝ දොරකඩම සිටින සේක!


ඔබගේ ගුණ යහපත්කම හැම දෙනාටම පෙනේවා! ස්වාමින්වහන්සේ ළංව සිටින සේක;


“මෙන්න, මම සොරෙකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්