හෙබ්‍රෙව් 6:12 - Sinhala Revised Old Version ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. Sinhala New Revised Version තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය. සිංහල කාලීන පරිවර්තනය ඒ, ඔබ අලසයින් නො වී, ඇදහිල්ලත්, ඉවසීමත් මඟින් පොරොන්දු උරුම කරගන්නවුන්ගේ ආදර්ශය අනුගමන කරන පිණිස ය. Sinhala New Revised Version 2018 තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය. |
මෙසේ කියන්නේ නුඹ යහපතුන්ගේ මාර්ගයේ හැසිරෙමින්, ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන්කරන පිණිසය.
නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ.
ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ නුඹේ එළු පැටවුන්ට කවන්න.
නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න, එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් ඔව්හු: අපි එහි නොයන්නෙමුයයි කීවෝය.
ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද!
තවද හිඟන්නා නැසී, දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ළැපැත්තට ගෙනයනලද්දේය. ධනවතාත් නැසී, තැන්පත්කරනලද්දේය.
අපගේ පියවූ ආබ්‍රහම් අචර්මඡේදිතව සිටිය කල්හි ඔහුට තිබුණු ඇදහිල්ලේ අඩිපාරේ යන්නෝව සිටින්නන්ට චර්මඡේද්‍යයේ පියා වන පිණිසත්ය.
අපේ යාච්ඤාවලදී නුඹලා ගැන මතක්කරමින්, නුඹලා සියල්ලන් ගැන සෑමවේලේම දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
එබැවින් නුඹලාගේ සියලු පීඩාවලදීත් නුඹලා ඉවසන දුක්වලදීත් ඇත්තාවූ නුඹලාගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම නුඹලා ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව.
ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?
ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත්කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබාගත්තෝය, සිංහයන්ගේ මුඛ පියෙවුවෝය,
එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.
දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න; ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න.
ඒ ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය.
එබැවින්, සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිරකරගන්න පිණිස වඩා කඩිසරව ක්‍රියාකරන්න. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.
යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.