Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 13:10 - Sinhala Revised Old Version

10 යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 “යමෙක් වහල්කමට යෑමට නියම නම්, වහල්කමටම ඔහු යන්නේ ය. යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්, කඩුවෙන්ම ඔහු මරනු ලැබිය යුතු ය.” මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 13:10
29 හුවමාරු යොමු  

අප පිටතට යන්නේ කොතැනටදැයි ඔවුන් නුඹෙන් ඇසූ කල්හි: වසංගතයට නියම අය වසංගතයටත්, කඩුවට නියම අය කඩුවටත්, සාගතයට නියම අය සාගතයටත්, වාල්කමට නියම අය වාල්කමටත් යනවා ඇත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.


මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි.


නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.


එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද,


එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.


ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය.


ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය.


නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි.


මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.


ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.


එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.


එනම්, මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි.


ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,


ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්‍රායෙල් වංශයද ස්වාමීන්වහන්සේගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.


මක්නිසාද මෙන්න, ස්වාමීන්වහන්සේ, පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම්කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්මී එනසේක. පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවු ලේ ප්‍රකාශකරනවා ඇත.


ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.


නුඹ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය.


සිටියාවූ දැන් නැත්තාවූ මෘගයාම අටවෙනියෙක්ව සත්දෙනාගෙන් එක්කෙනෙක්ව සිටින්නේය; ඔහු විනාශයට යන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්